මෙවර බුකර් සම්මානය මාගරට් ඇට්වුඩ් සහ බර්නාඩින් එවරිස්ටෝ අතර බෙදී යයි
මාගරට් ඇට්වුඩ් සහ බර්නාඩින් එවරිස්ටෝ මෙවර බුකර් සම්මානයේ සම ජයග්රාහකයින් ලෙස ප්රකාශයට පත් කර තිබේ. ඒ සම්මානය දෙදෙනකු අතර නොබෙදීමට පනවා තිබු තරග කොන්දේසි විනිසුරු මණ්ඩලය විසින් නොතකා හළ පසු ය.
ඇට්වුඩ් රචිත The Handmaid's Tale නම් කෘතියෙ හි අනුබද්ධ නවකතාව වන “The Testaments” සහ එවරිස්ටෝගේ “Girl, Woman, Other” එහිදී සම්මානයට පාත්ර වූ අතර ජයග්රාහකයාට හිමිවීමට නියමිත වූ පවුම් 50,000ක මුදල ඒ අනුව දෙදෙනා අතර සමව බෙදී යනු ඇත.
සම්මානය බෙදීමට ලක්කළ නොහැකි බව බුකර් නීතිරීතිවල සඳහන් නමුත්, විනිසුරු මණ්ඩලය ප්රකාශයට පත් කර ඇත්තේ ඔවුන්ට කෘතීන් දෙක වෙන්කර ඇගයීමට ලක්කිරීම අපහසු කාරණයක් බවයි.
ඒ අනුව 79 හැවිරිදි මාගරට් ඇට්වුඩ් බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ වයස්ගතම ලේඛිකාව ලෙසත් බර්නාඩින් එවරිස්ටෝ, බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ පළමු කළු ජාතික ලේඛිකාව ලෙසත් ඉතිහාස ගතවේ.
සල්මන් රශ්ඩිගේ “Quichotte”, චිගොසි ඔබිඕමාගේ “An Orchestra Of Minorities”, එලිෆ් ශෆාක්ගේ “10 Minutes 38 Seconds In This Strange World” සහ ලුසී එල්මන්ගේ “Ducks, Newburyport” බුකර් සම්මානය සඳහා අවසන් වටයට නිර්දේශ වූ සෙසු කෘති ය.
සබැඳි පුවත්
සල්මන් රශ්ඩිගේ “Quichotte” මෙවර බුකර් සම්මාන අවසන් නිර්දේශ අතරට
තවමත් ප්රකාශයට පත් නොකළ කෘතියක් මෙවර බුකර් සම්මාන දීර්ඝ ලැයිස්තුවට