“මා නිර්දේශ කර ඇති සම්මානය අනෙක් දෙදෙනාගෙන් කෙනෙකුට දෙන්න” කලණ ඉල්ලයි
මෙවර සුමති ටෙලි සම්මාන උලෙළේ හොඳම නැඟී එන නළුවා සම්මානය සඳහා නිර්දේශ ලැබූ රංගන ශිල්පී කලණ ගුණසේකර එම ඇගයුම, සම්මානය සඳහා සුදුසුකම් ලැබූ අනෙක් රංගන ශිල්පින් දෙදෙනාගෙන් එක් අයෙක්ට ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
සම්මානය සඳහා නිර්දේශ කිරීම ගැන විනිශ්චය මණ්ඩලයට ස්තූති කරන අතර තමන් ඒ ගැන සැබවින් සතුටට පත්වන බව පවසමින් ඔහු සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබා ඇත.
“සුමති සම්මාන උලෙලේ නැගී එන නලුවාට මාව නිර්දේශ කිරීම පිලිබද එම අදාල මණ්ඩලය ඇතුලු පිරිසටත්.. කූබියො ( ලකා..තුමිදු..දමිත. අසංක ඇතුලු) අපේ සෙට් එකටත්..ස්තූති වෙනවා...මෙම වසරේ කූබියො ටෙලි නාට්‍යයේ හොදම සහය නලුවාට සම්මාන කිහිපයක් ම ලැබුනා.... මාත් සමග නිර්දේශ වී සිටින අනෙක් නලුවන් දෙදෙනාම අතිදක්ශයින්..... සහ මම ඔවුන්ට වඩා අවුරුදු කිහිපයක් වයසින් වැඩී. ( මනසින් නෙවේ.) මගේ කාලයේ අති දක්ශ සෙට් එකක් ටෙලි නාට්‍ය කලාවටත් සිනමාවටත් එන එක මාර සතුටක්.. මම මාව නිර්දේශ කර ඇති සම්මානයේ අගය අනෙක් දෙදෙනාගෙන් කෙනෙකුට ලබා දෙන මෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා..මොකද අපි අපි අතර නිර්මානකරුවන් විදිහට තියෙන සමගිය මාර ලොකුයි. ඒම හිතුවක්කාර අදහසට සුමති කන්ඩායම හෝ ලකා ඇතුලු කූබි සහෝදරයෝ සෙට් එක කිසිදු අමනාපයක් ඇති කර නොගනී කියලා හිතනව....නිර්දේශවීම පිලිබද මාර සතුටක් දැනෙනවා..එය අනෙක් දෙදෙනාට ලබා දීම නිසා මට ඊටත් වඩා සතුටක් දැනෙනවා.....”