ආශ්චර්යා පීරිස්, ලොව වඩාත් බලපෑම්කාරී කාන්තාවන් 100 දෙනා අතරට
BBC නාලිකාව විසින් 2019 වසර සඳහා තෝරාගෙන ඇති ලොව වඩාත් බලපෑම්කාරී කාන්තාවන් 100 දෙනා අතරට මෙරට මෝස්තර නිර්මාණ ශිල්පිනි ආශ්චර්යා පීරිස් තේරී පත්වී තිබේ.
භුමිය, දැනුම, නායකත්වය, නිර්මාණශීලිත්වය, ක්‍රීඩා සහ අනන්‍යතාව යන අංශ 6 යටතේ මෙම 100 දෙනා තෝරා ගෙන ඇති අතර එම ලැයිස්තුව එළිදැක්වූයේ ඊයේ (16) දිනයේ දී ය.
ඒ අතුරින් “නිර්මාණශීලිත්වය” යන කාණ්ඩය යටතේ තේරී පත්වූ ආශ්චර්යා පීරිස් මේ වනවිට මෙරට මෝස්තර නිර්මාණ ක්ෂේත්රයේ නමක් දිනාගෙන සිටින ශිල්පිනියකි.
ඇය, 2000 වසරේ දී සිය රැකියා ස්ථානයේ සිට නිවෙස බලා ගමන් කරමින් සිටිය දී ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වූ අතර 47 දෙනකුට මරු කැඳවූ එම ප්‍රහාරයෙන් ඇගේ දිවි බේරුණේ ඇය සම්පුර්ණ දෘශ්‍යාබාධිත තත්වයට පත්කරමිනි. දෘශ්‍යාබාධිත නිසා ආශ්චර්යාට රැකියාව ද අහිමි වූ නමුත් එයින් නොනැවතුණු ඇය අවසානයේ මෝස්තර නිර්මාණ ශිල්පිනියක වීමේ සිහිනය සැබෑ කරගත්තා ය.
බාධක හමුවේ නොනැවතී, සිය සිහින හඹා ගොස්, ලොවක් දිනූ ඇයට මිරර් ආට්ස් වෙතින් උණුසුම් සුබ පැතුම්!