“ගණන් ගන්නැති කතාවක්” අන්තර්ජාතික සිනමා උලෙළකට
කෙටිචිත්රපට නිර්මාණ ශිල්පී තිසර මංගල බණ්ඩාර නිර්මාණය කළ “ගණන් ගන්නැති කතාවක්” කෙටි චිත්රපටය අන්තර්ජාතික සිනමා උලෙළකට තේරී පත් වී තිබේ.
නොවැම්බර් 20 වැනිදා සිට 25 වැනිදා දක්වා ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දී පැවැත්වෙන “5th Mehrgan International Film Festival” නම් සිනමා උලෙළේ තරගකාරී අංශයට මෙම චිත්රපටය ඒ අනුව සුදුසුකම් ලබා ඇත.
“ගණන් ගන්නැති කතාවක්” 2018 දෙරණ සිනමා සම්මාන උලෙළේ දී හොඳම කෙටි චිත්රපටයට හිමි සම්මානය දිනා ගන්නා ලදී.