“ගාඩි” යුරෝපා මංගල දැක්ම රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උලෙළේ දී
සම්මානිත සිනමාවේදී ප්‍රසන්න විතානගේගේ නවතම සිනමා නිර්මාණය “ගාඩි” යුරෝපා මංගල දැක්ම රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උලෙළේ (IFFR) දී සිදු කිරීමට නියමිත ය.
49 වැනි වරට සංවිධානය කෙරෙන සිනමා උලෙළ එළඹෙන ජනවාරි 22 වැනිදා සිට පෙබරවාරි 2 වැනිදා දක්වා නෙදර්ලන්තයේ දී පැවැත්වේ.
ප්‍රසන්නගේ දසවැනි සිනමා නිර්මාණය වන “ගාඩි” කන්ද උඩරට රාජධානි සමයේ අවසන් භාගයේ සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වූව කි. ශ්‍රී ලංකා, ඉන්දීය සහ යුරෝපිය සම නිෂ්පාදනයක් ලෙස නිමවූ මෙම සිනමාපටයේ ලෝක මංගල දැක්ම පසුගිය ඔක්තෝබරයේ පැවැත්වුණු 24 වැනි බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී සිදු කළ අතර ඇමරිකානු මංගල දැක්ම පසුගිය නොවැම්බර් 9 වැනිදා පැවැත්වුණු 17 වැනි සැන් ෆ්රැන්සිස්කෝ අන්තර්ජාතික දකුණු ආසියානු සිනමා උලෙළේ (SFISAFF) දී සිදු කෙරුණි.
“ගාඩි” චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ සජිත අනුත්තර ඇන්තනි සහ ඩිනාරා පුංචිහේවා විසිනි. රවින්ද්‍ර රන්දෙණිය, අයිරාංගනී සේරසිංහ, ශ්‍යාම් ප්‍රනාන්දු, කලණ ගුණසේකර, දමයන්ති ෆොන්සේකා සෙසු ප්‍රධාන චරිතවලට පණ පොවති.
“ගාඩි” ළඟදීම මෙරට තුළ ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.