චාලට් බ්‍රොන්ටේ ලියූ පොතක් වෙන්දේසියෙන් පසු කෞතුකාගාරයට
චාලට් බ්‍රොන්ටේ නම් ලෝක ප්‍රකට ලේඛිකාව 14 හැවිරිදි වියේ දී ලියූ පොතක් නැවත සියරටට ගෙන ඒමට කටයුතු යොදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර යි.
ඒ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වූ වෙන්දේසියක දී බ්‍රොන්ටේ සමාජය විසින් එම කෘතිය මිලට ගැනීමෙන් පසුව ය.
The Young Men’s Magazine ලෙසින් නම් කළ මෙම කුඩා ලේඛනය ඒ අනුව එංගලන්තයේ බටහිර යෝක්ෂයර් ප්‍රදේශයේ බ්‍රොන්ටේගේ පැරණි නිවහනෙ හි පිහිටි කෞතුකාගාරය වෙත යැවෙනු ඇත.
කෞතුකාගාරය පවත්වාගෙන යනු ලබන බ්‍රොන්ටේ සමාජය විසින් අරමුදල් රැස් කිරීමෙන් අනතුරුව යුරෝ ලක්ෂ 6ක මුදලකට මෙම කෘතිය මිල දී ගෙන තිබුණි. චාලට් බ්‍රොන්ටේ ලියූ කුඩා කෘති හයෙන් එකක් වන මෙම කෘතිය 1830 දී රචනා කළ එක කි. ඉතිරි කෘති පහ ද කෞතුකාගාරය සතුව ඇත.
ලෝක ප්‍රකට “ජේන් අයර්” සම්භාව්‍ය නවකතාව 1847 දී චාලට් බ්‍රොන්ටේ විසින් ලියන ලද්ද කි.