“පාංශු” චිත්‍රපටය ජොග්ජා ජාත්‍යන්තර සිනමා උලෙළට
සිනමා අධ්යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම්ගේ “පාංශු” චිත්‍රපටය ඉන්දුනීසියාවේ ජොග්ජා ජාත්‍යන්තර සිනමා උලෙළට තේරී පත් වී තිබේ.
ඒ අනුව අදින් (19) ඇරඹෙන උලෙළේ දී චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිත ය. 14 වැනි වරට සංවිධාන කරන ජොග්ජා ජාත්‍යන්තර සිනමා උලෙළ නොවැම්බර් 23 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ දී පැවැත්වේ.
“පාංශු” සිනමාපටය මින් පෙර කැනඩාවේ මොන්ට්‍රියල් අන්තර්ජාතික සිනමා උලෙළ, ප්‍රංශයේ නීස් ජාත්‍යන්තර සිනමා උලෙළ, පූනේ අන්තර්ජාතික සිනමා උලෙළ, රුසියාවේ සඛාලින් ජාත්‍යන්තර සිනමා උළෙල, සිංගප්පූරුවේ දකුනු ආසියාතික සිනමා උළෙල (තරඟකාරී අංශය), ශ්‍රී ලංකාවේ යාපන ජාත්‍යන්තර සිනමා උළෙල, අමෙරිකා එක්සත් ජනපදයේ ගෝල්ඩන් ඩෝර් ජාත්‍යන්තර සිනමා උළෙල (තරඟකාරී අංශය), ඉතාලියේ 22 වන රිලිජන්ස් ටුඩේ ජාත්‍යන්තර සිනමා උළෙල (තරඟකාරී අංශය), ඉන්දියාවේ ගුවාතී ජාත්‍යන්තර සිනමා උළෙල ඇතුළු අන්තර්ජාතික සිනමා උලෙළ ගණනාවක් නියෝජනය කළ අතර ජාත්‍යන්තර සම්මානයට ද පාත්‍ර විය.