ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ ලලිත් රත්නායකගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන “විෂම භාග” සති දෙකකටත් අඩු කාලයක් පමණක් සිනමාශාලාවල ප්‍රදර්ශනය කෙරෙන්නේ යැයි අසත්‍ය ප්‍රචාරයක් පැතිර යන බව චිත්‍රපට නිෂ්පාදන ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.
චිත්‍රපටය දෙසැම්බර් 16 වැනිදා සිට EAP මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාහල්වල තිරගත වීමට නියමිත ය.
ශ්‍රද්ධා ෆිල්ම්ස් “විෂම භාග” ෆේස්බුක් සමාජ මාධ්‍ය පිටුවෙහි සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කරන්නේ එළැඹෙන දෙසැම්බර් 26 වන දින EAP මණ්ඩලය මඟින් වෙනත් චිත්‍රපටයක් එළි දක්වන බවටත් ඒ අනුව "විෂම භාග" චිත්‍රපටය තිරගත වන්නේ දින 10 ක පමණ සුළු කාලයකට බවත් අසත්‍ය ප්‍රචාර යම් පිරිසක් විසින් පතුරුවමින් සිටින බව යි.
එසේම සිනමාහල් හිමියන් ද සහෘද මාධ්‍යවේදීන් ද ප්‍රේක්ෂක ජනතාව ද අතර විවිධ උපක්‍රම භාවිතා කරමින් අසත්‍ය ප්‍රචාරයන් සිදුකොට චිත්‍රපටය තිරගත වීමට පෙර ම එය යටපත් කිරීමට සිදු කරනා පහත් උත්සාහයන් පිළිබඳව ඔවුන් වෙත වාර්තා වන බව ය.
“ප්රේක්ෂකයන්ගෙන් සිනමා ශාලා හිස් කොට "විෂම භාග " චිත්‍රපටය ප්‍රතික්ෂේප කරවීමට ක්‍රියාත්මක වන කුමන්ත්‍රණ පරදා අර්ථාන්විත සිනමාවක් අනාගත පරපුරට දායාද කරලනු පිණිස අත්වැල් බැඳගන්නා ලෙස අප ප්‍රේක්ෂක ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු .ඒ සඳහා දෙසැම්බර් 16 වන දින විෂම භාග තිරගත වීම ඇරඹෙන විට පළමු දිනයේ සිට ම පවුලේ සියලු දෙනා සමගින් විෂම භාග නරඹනු පිණිස පෙළගැසෙන්න.” යනුවෙන් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර යි.
එම නිවේදනය පහතින්,
“මහමෙව්නාව භාවනා අසපු සංචිතයේත්, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේත් නිර්මාතෘවර සහ ප්‍රධාන අනුශාසක අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආශිර්වාදය සහ මඟපෙන්වීම යටතේ ලලිත් රත්නායකයන්ගේ අධ්‍යක්ෂණයෙන් ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් විෂම භාග චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ අප මෙතෙක් සිදුකළ රූපවාහිනී සහ ගුවන්විදුලි සත්පුරුෂ මාධ්‍ය භාවිතය ,ලාංකීය සිනමා ක්ෂේත්රය වෙත ද විහිදුවාලමින් සත්පුරුෂ අර්ථාන්විත සිනමා කලාවක් අනාගත පරපුරට දායාද කිරීමේ උදාර අදිටනින් යුතු ව ය. එය මල්ඵල ගන්වමින් ලොව සුප්‍රකට අන්තර් ජාතික සිනමා උළෙල ගණනාවක දී "විෂම භාග" චිත්‍රපටය මේ වන විට සම්මාන ,නාම යෝජනා සහ නිළ තෝරා ගැනීම් 70 කට වැඩි ප්‍රමාණයකින් පිදුම් ලබමින් ලොව විශිෂ්ට කලාත්මක සිනමා කෘති අතරට එක් වී හමාර ය.
2019 වර්ෂය තුළ ලොව A ශ්‍රේණියේ අන්තර්ජාතික සිනමා උළෙල ද්විත්වයකට නිළ වශයෙන් තෝරා ගනිමින් ප්‍රදර්ශනය කළ එක ම ලාංකීය සිනමා පටය ලෙස "විෂම භාග" ඉතිහාසගත විය. කුඩා දරුවන් දෙදෙනකු වටා ගෙතුණු සංවේදී කතාවක් රිදී තිරයේ දිග හැරෙනා "විෂම භාග" සෑම දරුවෙකු ම සෑම ගුරුවරයකු ම සෑම මව් පියවරයෙකු ම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙස සිනමා විචාරකයන්ගේ මෙන් ම ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ ද ඇගයීමට පාත්‍ර විය .එසේ ම මෙම සිනමා පටය ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙනා සම්පූර්ණ ලාභය මාරාන්තික වකුගඩු රෝගය( CKDu ) ව්‍යාප්තවීම වැළැක්වීම පිණිසත් වකුගඩු රෝගීන්ගේ සුභසාධනය පිණිසත් "පිවිතුරු පැන් පූජා "සහ "ජාතික වකුගඩු රෝගී අරමුදල " වෙත පරිත්‍යාග කිරීම සිදු වේ.
බොහෝ දෙනෙක් දෑස් දල්වා බලා සිටි මේ සිනමා පටය එළැඹෙන දෙසැම්බර් මස 16 වන දින සිට ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා පසුගිය අප්‍රේල් මාසයේ දී EAP මණ්ඩලයේ ගරු සභාපතිතුමන් සහ ප්‍රධාන විධායක නිළධාරී තුමන් සමග ශ්‍රද්ධා මාධ්‍ය ජාලය එකඟතාවයන්ට පැමිණෙන ලදී .ඒ අනුව එළැඹෙන දෙසැම්බර් 16 වන දින සිට "විෂම භාග" චිත්‍රපටය EAP මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාහල්වල තිරගත වීමට නියමිත ය. කරුණු මෙසේ තිබිය දී එළැඹෙන දෙසැම්බර් 26 වන දින EAP මණ්ඩලය මඟින් වෙනත් චිත්‍රපටයක් එළි දක්වන බවටත් ඒ අනුව "විෂම භාග" චිත්‍රපටය තිරගත වන්නේ දින 10 ක පමණ සුළු කාලයකට බවත් අසත්‍ය ප්‍රචාර යම් පිරිසක් විසින් පතුරුවමින් සිටිති .එසේ ම මෙම සත්පුරුෂ ව්‍යායාමය යටපත් කරනු පිණිස "විෂම භාග" චිත්‍රපටය ප්‍රදර්ශනය වන්නේ ඉතා සීමිත කාලයකට පමණක් වන බවට සිනමාහල් හිමියන් ද සහෘද මාධ්‍යවේදීන් ද ප්‍රේක්ෂක ජනතාව ද අතර විවිධ උපක්‍රම භාවිතා කරමින් ප්‍රචාරයන් සිදුකොට "විෂම භාග" චිත්‍රපටය තිරගත වීමට පෙර ම එය යටපත් කිරීමට සිදු කරනා පහත් උත්සාහයන් පිළිබඳව ද අප වෙත තොරතුරු වාර්තා වෙමින් තිබේ .එනිසා අසත්‍ය ප්‍රචාරයන් වලට නොරැවටෙන ලෙස "විෂම භාග" චිත්‍රපටය තිරගත වන තුරු බලා සිටි ප්‍රේක්ෂක ඔබේ දැන ගැනීම පිණිස මේ විශේෂ නිවේදනය නිකුත් කරනු ලැබේ.
පටු වාණිජත්වය තුළ සීමා නොවී ජීවිතයේ යථාර්ථය විදහා දක්වමින් ලාංකීය සමාජයේ ඇතිවිය යුතු යහපත් වෙනස් වීම් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරනා "විෂම භාග " වැනි සත්පුරුෂ අර්ථාන්විත සිනමා කෘති තව දුරටත් ඉදිරියේ දී නිර්මාණය වීම හෝ නොවීම ප්‍රේක්ෂක ඔබගේ ප්‍රතිචාර මත තීරණය වනු ඇත .උසස් කෘතියක් රස විඳීමේ හැකියාව ලාංකීය සමාජයෙන් තවදුරටත් වියැකී ගොස් නොමැති බව අපගේ විශ්වාසය යි. ප්රේක්ෂකයන්ගෙන් සිනමා ශාලා හිස් කොට "විෂම භාග " චිත්‍රපටය ප්‍රතික්ෂේප කරවීමට ක්‍රියාත්මක වන කුමන්ත්‍රණ පරදා අර්ථාන්විත සිනමාවක් අනාගත පරපුරට දායාද කරලනු පිණිස අත්වැල් බැඳගන්නා ලෙස අප ප්‍රේක්ෂක ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු .ඒ සඳහා දෙසැම්බර් 16 වන දින විෂම භාග තිරගත වීම ඇරඹෙන විට පළමු දිනයේ සිට ම පවුලේ සියලු දෙනා සමගින් විෂම භාග නරඹනු පිණිස පෙළගැසෙන්න . ඔබ ගුරුවරයෙක් නම් ඉතා ඉහළ අධ්‍යාපන වටිනාකමක් ඇති දරුවන් විසින් නැරඹිය යුතු චිත්‍රපටයක් බවට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය හිමි වූ මෙම චිත්‍රපටයේ පාසල් දර්ශන නැරඹීම සඳහා සිසු දරුවන් යොමු කරන්න . ඔබේ හිත මිත්‍රාදීන්ට ද මෙම සම්මානලාභී සිනමා කෘතිය පිළිබඳව පවසන්න . පළමු සති දෙක තුළ අනිවාර්යයෙන් ම විෂම භාග නරඹන්න.හැකිතාක් සමාජ ජාල ඔස්සේ සහ වෙනත් මාධ්‍ය ඔස්සේ විෂම භාග පිළිබඳ කතා කරන්න .ලක්ෂ ගණන් මුදල් වියදම් කොට සිදු කරනා අසත්‍ය ප්රචාරයන්ට වඩා සත්පුරුෂ ඔබගේ පෙළ ගැස්ම ශක්තිමත් බව ලොවට හඬ ගා කියන්න .වාණිජ සිනමා රැල්ලට කලකිරුණු ඔබ කෙදිනකවත් සිනමා ශාලාවකට පියමැන නොමැති අයෙක් වුව ද විසූක දර්ශනයන් ගෙන් තොර ව යථාර්ථය පිළිබඳ කියැවෙන "විෂම භාග" නරඹන්නට පිය මනිනා ලෙස අප ඔබ සියලු දෙනා වෙත මෙත් සිතින් ආරාධනා කොට සිටිමු .
තෙරුවන් සරණයි !
මෙයට,
ශ්‍රද්ධා මාධ්‍ය ජාලය.”