“පාංශු” චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උලෙළක ජූරියේ විශේෂ ඇගයීමට
විසාකේස චන්ද්‍රසේකරම්ගේ “පාංශු” සිනමාපටය 2019 රිලිජන් ටුඩේ ජාත්‍යන්තර සිනමා උලෙළේ දී ජූරියේ විශේෂ ඇගයීමට ලක්විය.
එම උලෙළේ දී පිරිනැමෙන Grand Prize in the Spirit of Faith සම්මානයට (තරගකාරී අංශය) “පාංශු” චිත්‍රපටය නිර්දේශ වී තිබුණි.
22 වැනි වරට සංවිධානය කළ රිලිජන් ටුඩේ සිනමා උලෙළ ඉතාලියේ දී පැවැත්වුණි.
පාංශු” සිනමාපටය මින් පෙර කැනඩාවේ මොන්ට්‍රියල් අන්තර්ජාතික සිනමා උලෙළ, ප්‍රංශයේ නීස් ජාත්‍යන්තර සිනමා උලෙළ, පූනේ අන්තර්ජාතික සිනමා උලෙළ, රුසියාවේ සඛාලින් ජාත්‍යන්තර සිනමා උළෙල, සිංගප්පූරුවේ දකුනු ආසියාතික සිනමා උළෙල (තරගකාරී අංශය), ශ්‍රී ලංකාවේ යාපන ජාත්‍යන්තර සිනමා උළෙල, අමෙරිකා එක්සත් ජනපදයේ ගෝල්ඩන් ඩෝර් ජාත්‍යන්තර සිනමා උළෙල (තරගකාරී අංශය), ඉන්දියාවේ ගුවාතී ජාත්‍යන්තර සිනමා උළෙල ඇතුළු අන්තර්ජාතික සිනමා උලෙළ ගණනාවක් නියෝජනය කළ අතර ජාත්‍යන්තර සම්මානයට ද පාත්‍ර විය.