කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන කාලසටහන මෙන්න,
9 වැනි වරටත් සංවිධාන කරන ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළ අද පස්වරු 3.30 ට ආරම්භ කිරීමට නියමිත ය.
මෙම සිනමා උලෙළ එළඹෙන 15 වැනිදා දක්වා දින තුනක් සවස 3.30 සිට රාත්‍රී 8 දක්වා කොළඹ, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
සම්මානිත සිනමා අධ්යක්ෂ සංජිව පුෂ්පකුමාර විසින් මෙහෙයවනු ලබන වැඩමුළුවක් ද සමාරම්භක උත්සවයට සමගාමිව අද (13) දිනයේ දී පැවැත්වේ.
ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළට ඉදිරිපත් කළ කෙටි චිත්‍රපටවලින් තෝරා ගැනුණු හොඳම නිර්මාණ සඳහා අංශ 7ක් යටතේ සම්මාන 7ක් පිරිනැමීමට සංවිධායකයින් කටයුතු සුදානම් කොට ඇත.
ඒ අනුව පිරිනැමෙන සම්මාන වන්නේ හොඳම කෙටි චිත්‍රපටය, ජූරියේ සම්මානය, මානව හිමිකම් සම්මානය, සමාජීය ස්ත්‍රී පුරුෂ භාවි කෙටි චිත්‍රපටය, හරිත සම්මානය, හොඳම සජීවීකරණ කෙටි චිත්‍රපටය සහ කුසලතා සපිරි සිනමාකරු (වයස අවුරුදු 24ට අඩු) යන සම්මාන යි.
උලෙළේ කෙටි චිත්‍රපට ප්‍රදර්ශන කාලසටහන පහතින්,