ප්‍රවීන ගායනවේදී සුනිල් එදිරිසිංහගේ දශක පහක ගායන දිවිය ඇගයේ
ප්‍රවීන ගායන ශිල්පී සුනිල් එදිරිසිංහගේ ගායන දිවියට දශක පහක් පිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන ඇගයුම් උලෙළක් ඔහුගේ 70 වැනි උපන්දිනය දා පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
ඒ අනුව ඇගයුම් උත්සවය දෙසැම්බර් 19 වැනි දින සවස 3ට කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.
ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, මහාචාර්ය ජයන්ත අමරසිංහ සහ මහාචාර්ය කෝලිත භානු දිසානායක එදින කෙටි දෙසුම් පවත්වන අතර ආචාර්ය වික්ටර් රත්නායක උත්සවයේ මුලසුන හොබවනු ඇත. උත්සව සභාව මෙහෙයවීම ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි විසිනි.
සමුද්‍ර වෙත්තසිංහගේ සංස්කරණයක් වන “සුනිල් දේශයේ අධ්‍යාත්මික ස්වරය” සහ පුෂ්කර වන්නිආරච්චි ලියූ “සුනිල සිරිත- සුනිල් එදිරිසිංහ දිවිසරිය” නම් කෘති දෙක ද එදින එළිදැක්වීමට නියමිත ය.