සුදත් අබේසිරිවර්ධනගේ “ගිනි ගිනි මාලේ” 12 වේදිකාවට
නාට්‍යකරුවකු, කෙටි චිත්‍රපටකරුවකු වන සුදත් අබේසිරිවර්ධනගේ නවතම නාට්‍යය “ගිනි ගිනි මාලේ” 2020 ජනවාරි 12 වැනිදා සවස 06.45 ලයනල් වෙන්ඩ්ට් හිදී වේදිකාගත වේ.
සරසවි සිසුවකුගේ සත්‍ය සිදුවීමක් මත නිර්මාණය වී ඇති මෙම නාට්‍යය සිසුවා, සිසුවාගේ දෙමාපියන්, පොලිසිය අතර ගැටුමක් ලෙස විකාශනය වෙයි. මෙය ඛේදවාචාත්මක ප්‍රහසන (Tragic Comedy) වර්ගයේ නාට්‍යයකි.
මෙහි රංගනයෙන් මයුර කාංචන, සුලෝචනා වීරසිංහ, රන්දික ගුණතිලක, නදීෂා රූපසිංහ, සංජීව දිසානායක, සංජය හෙට්ටිආරච්චි, සමන්ත පරණලියනගේ, සමීර ලක්මාල් දායක වේ. සංගීත නිර්මාණය ලහිරු මාඩිවිල, ආලෝකකරණය චාමර සඳරුවන්, රංග වින්‍යාශය හිරාන් අබේසේකර, ඇදුම් නිර්මාණය අමා විජේසේකර, පසුතල නිර්මාණය විමුක්ති සහන්, අංග රචනය පාලිත අබේලාල්, වේදිකා පරිපාලනය ප්‍රමෝද් එදිරිසිංහ, ප්‍රචාරණ සැලසුම් විකුම් ජිතේන්ද්‍ර විසිනි.