“සුනාමි” ආරම්භක දර්ශන වාරය නොමිලේ පෙන්නනවා
ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා සිත්තම “සුනාමි” තව දින තුනකින් එනම්, දෙසැම්බර් 16 වැනිදා සිට දිවයින පුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සුදානම්.
සිනමාපටයේ 10.30 ආරම්භක දර්ශන වාරය, සුනාමි චිත්‍රපටය තිරගත වන සියලුම සිනමාශාලාවල නොමිලේ ප්‍රදර්ශනය කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ. සිනමාශාලාවල ඉඩ පහසුකම් අනුව පැමිණෙන පිළිවෙලින් චිත්‍රපටය නැරඹීමට ඒ අනුව රසිකයින්ට අවස්ථාව උදා වනු ඇත.
2004 වසරේ දී මෙරටට බලපෑ සුනාමි ඛේදවාචකයේ එක් සත්‍ය සිදුවීමක් පදනම් කරගනිමින් වසර කිහිපයක් පුරා සිදුකළ ගවේෂණයකින් අනතුරුව සෝමරත්න දිසානායක විසින් තිරරචනා කොට අධ්‍යක්ෂණය කළ “සුනාමි” රේණුකා බාලසූරියගේ නිෂ්පාදනය කි.
ඉහල පිරිවැයක් දරා නිර්මාණය කළ මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතවලට නෙරංජනී ශම්මුගරාජා, දර්ශන් ධර්මරාජ්, හිමාලි සයුරංගි, බිමල් ජයකොඩි, ළමා නිළි මෙනරා වීරතුංග පණ පොවති.
ජනවාරි 11 වැනිදා ඇරඹි 18 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උලෙළේ ප්‍රධානතම තරගකාරී අංශය වන ආසියානු සිනමා තරගය යටතේ තරග වැදීමට ද “සුනාමි” සිනමාපටය පසුගියදා සුදුසුකම් ලැබී ය. “සුනාමි” තිරගත වන පළමු අන්තර්ජාතික සිනමා උලෙළ ද මෙය වේ.