එදිරිවීර සරච්චන්ද්‍ර ප්රණාම නිර්මාණ තරගාවලියට නිර්මාණ බාර ගැනේ
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ශ්‍රී ලාංකේය සාහිත්‍ය කලා ක්ෂේත්රයට හා දේශීය නාට්‍ය කලාවේ ප්රගමනයට සිදු කළ මෙහෙවර අගැයීම සහ රටේ අනාගත දරු පරපුර උසස් රස වින්දන ශක්තියෙන් හෙබි ප්‍රජාවක් බිහිකිරීමත් අරමුණු කර ගනිමින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ එදිරිවීර සරත්චන්ද්‍ර නාට්‍ය පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් ප්‍රථම වරට “සරච්චන්ද්‍ර ප්රණාම තරගාවලිය” සංවිධානය කර ඇත.
ගද්‍ය රචනා, පද්‍ය රචනා, නිර්මාණ විමර්ශන හා චිත්‍ර තරගය සදහා කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ යන කාණ්ඩ යටතේ සහභාගි විය හැකි අතර සදැස්, නිසදැස්, කෙටිකථා විචාරය, නවකතා විචාරය, නාට්‍ය විචාරය, නාට්‍යමය අවස්ථා හා ආලේඛ්‍ය චිත්‍ර අනෙක් තරග අංශයන් වේ.
රජයේ හෝ පෞද්ගලික අංශයේ ඕනෑම පාසැලක 9 වසර සිට 13 වසර දක්වා වන ශ්‍රේණිවල ඉගෙනුම ලබ ඕනෑම ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට මෙම තරගාවලිය සදහා සහභාගි විය හැකි ය.
සියලුම නිර්මාණ 2019 මාර්තු 15 වන දිනට පෙර ස්ථානභාර නිලධාරී , එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍ය පුහුණු හා පර්යේෂණ ආයතනය, තලංගම උතුර, හීනටිකුඹුර, කොස්වත්ත, බත්තරමුල්ල යන ලිපිනයට ඉදිරිපත් කළ යුතු ය.
වැඩිදුර තොරතුරු දිවයිනේ ඕනෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සංස්කෘතික නිලධාරි මගින් හෝ එදිරිවීර සරච්චන්ද්‍ර පුහුණු හා පර්යේෂණ ආයතනයේ 0112791521 යන දුරකථන අංකයට ඇමතීමෙන් දැනගත හැකි ය.
News.lk