ජැක්සන් ඇන්තනිගේ කුළුඳුල් නවකතාව “කන්ද උඩ ගින්දර” නමින් හෙට එළියට
ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනිගේ කුළුඳුල් නවකතාව “කන්ද උඩ ගින්දර” හෙට (18) දිනයේ දී එළිදැක්වීමට කටයුතු යොදා තිබේ.
සවස 3.30ට කොළඹ 12, ඇම්.ඩී. ගුණසේන ලිලියන් ශ්‍රවණාගාරයේ දී කෘතිය ජනගත කිරීමට නියමිත ය.
ප්‍රවීන සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි සහ ප්‍රවීන කලාවේදී සමන් අතාවුදහෙට්ටි එදින දෙසුම් පවත්වනු ලැබේ. “කන්ද උඩ ගින්දර” ඇම්.ඩී. ගුණසේන ප්රකාශනය කි.
මෙම කෘතිය පිළිබඳ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මෙසේ සටහනක් තබා තිබුණි.
“ජැක්සන් ඇන්තනීන්ගේ ප්‍රථම නවකතාව 'කන්ද උඩ ගින්දර'
‘කන්ද උඩ ගින්දර’ වනාහී සිංහල ඵෙතිහාසික නවකතා නාමාවලියට එක්වන තවත් සුවිශේෂ කෘතියකි. ඊට පාදක වී ඇත්තේ අප හැමදාමත් කියවා ඇති, අසා ඇති, දැක ඇති දස්කොන් ප්‍රමිලා ප්‍රේම වෘතාන්තය වුවත්, මෙම අභිනව කියවීම, සාම්ප්‍රදායික පුවතට හාත්පසින්ම වෙනස් යත අපූර්වය. මෙය රචනා කරන්නේ ජැක්සන් ඇන්තනී නමැති නවකතාකරුවා ය! එය ඔහුට ආගන්තුක ආමන්ත්‍රණයකි. බොහෝ දෙනා ඔහු හඳුනාගෙන සිටියේ විශිෂ්ට වේදිකා නළුවකු හැටියට යත සිනමා නළුවකු හැටියට යත චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හෝ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු හැටියට යත තීරු ලිපි රචකයෙකු හැටියට යත සම්ප්‍රවෙශකයෙකු හැටියට යත ගේය කාව්‍ය කර්තෘවරයෙකු හෝ ගායකයෙකු හැටියට ය. මෙතැන් පටන් ඔහු ප්රශස්ත නවකතාකරුවෙකු ලෙස රසික ප්‍රජාව හඳුනා ගන්නවා ඇත. බොහෝ වෙහෙස මහන්සි වී ඒකරාශී කළ ඵෙතිහාසික දත්ත සම්භාරයක් ස්වකීය ප්‍රබන්ධ සමග ඵෙන්ද්‍රීය ලෙස බද්ධ කරමින් ඔහු ‘කන්ද උඩ ගින්දර’ රචනා කරන්නේ කෘතහස්ත නවකතාකරුවෙකු පරිද්දෙනි. ඔහුගේ කාව්‍යාත්මක භාෂා භාවිතය ගැන, රචනා ශෛලිය ගැන හට ගත් විස්මය, දූරීභූත වූයේ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විෂය පිළිබඳ ගෞරව උපාධිධරයෙකු බව මෙනෙහි වීමෙන් පසුව ය.”
- මහාචාර්ය සුනිල් ආරියරත්න