කොරෝනා නිසා විනෝදාස්වාදන කර්මාන්තයට බලපෑම්
කොරෝනා වෛරසයේ අවදානම හේතුවෙන් ලොව ජනප්‍රිය සිනමාපට, සංගීත ප්‍රසංග, ටෙලි වැඩසටහන් සහ වේදිකා ඉදිරිපත්කිරීම් කල් දැමීමට සිදුවීම නිසා විනෝදාස්වාදන කර්මාන්තය කෙරෙහි ගෝලීය වශයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර යි.
ඒ අනුව, ප්‍රදර්ශනය කල් දැමීමට සිදු වූ නවතම සිනමාපටය වන්නේ ඩිස්නි නිෂ්පාදනයක් වන "Mulan" ය. මිට පෙර Fast & Furious 9, A Quiet Place 2 සහ James Bond film No Time To Die තිරගත කිරීම කල් දැමුණි.
එසේම, ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි Broadway රඟහල් අප්‍රේල් 12 වැනිදා තෙක් වසා දමා ඇති අතර ලොව ජනප්‍රිය ටෙලි වැඩසටහන් විශාල ප්‍රමාණයක් රූපගත කිරීම ද නවතා තිබේ. ඒ අනුව The Tonight Show Starring Jimmy Fallon, The Late Show With Stephen Colbert සහ Late Night With Seth Myers යන ටෙලි වැඩසටහන් රූගත කිරීම් නවතා ඇත.