lan englan tam

විඩියෝ ගැලරිය

“බුද්ධිකයාගේ ජීවිතය” ගැන දීප්ති කුමාර ගුණරත්න කියයි! (video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට ප්‍රකට නාට්‍ය කරුවෙකු වන ධනංජය කරුණාරත්නගේ 'මැරයෙක් ඇවිත්, ඩබල්ගේම්කාරයෝ, බුද්ධිකයාගේ ජීවිතය පර්යේෂණාත්මක නාට්‍ය ත්‍රිත්වය' ග්‍රන්ථය ඇසුරින් රංග කලාව පිළිබඳ කතාබහක් පසුගියදා (23),ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

එදින සංවාදයේදී  ‘දේශපාලනය විසින් කලාව යටපත් කිරීම පිළිබඳ විවේචනයක්’ යන මාතෘකාවෙන් රංග මනුප්‍රිය ද,

‘නැවත ධනංජය කරුණාරත්න වැනි නාට්‍ය කරුවන් බිහි නොවන්නේ මන්ද? - අන්තර්ගතයට වඩා ආකෘතියේ බලය ගැන අදහසක්’ යන මාතෘකාවෙන් දීප්ති කුමාර ගුණරත්න ද අදහස් දක්වනු ලැබුවා.

 

මතු දැක්වෙන්නේ එදින සමබිම පක්ෂයේ නායක, දේශපාලන හා කලා විචාරක දීප්ති කුමාර ගුණරත්න විසින් සිදු කරනු ලැබූ අදහස් දැක්වීමයි.

මෙහිදී දීප්ති කුමාර ගුණරත්න විසින් ප්‍රවීණ නාට්‍ය කරුවෙකු වන බුද්ධික දමයන්ත නාට්‍යකරුවා ගේ ජීවිතය ඇසුරින් ඔහුවම තම චරිතය ඉදිරිපත් කරන්නා ලෙසට යොදාගෙන කරන ලද ස්වයං චරිතාපදාන රංග නිර්මාණයක් (Auto biographical theatre ) වන “බුද්ධිකයාගේ ජීවිතය” පර්යේෂණාත්මක නාට්‍ය ප්‍රධාන කර ගනිමින් සිය අදහස් දැක්වීම සිදු කරනු ලැබුවා.  

(මෙම අදහස් දැක්වීම් ඇතුළත් වීඩියෝ පටය ‘Don Maya Unedited Sinhala’ යූ ටියුබ් නාලිකාව ඇසුරින් වන අතර මෙහි අනෙක් අදහස් දක්වීම් ද

‘Don Maya Unedited Sinhala’ යූ ටියුබ් නාලිකාවට පිවිසීමෙන් ඔබට දැන් නැරඹිය හැකියි. 

වීඩියෝවට පිවිසෙන්න පහළින්>>

 

kemadasa

shungara

Back to top
Go to bottom