තිසර ඉඹුලාන විසින් අධ්‍යක්ෂණය කරපු "මෝඩ තරිඳු" චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා සිනමා ශාලා වලදී ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වෙනවා.
බොහෝ විට ඔබ දැනටමත් මේ චිත්‍රපටය නරඹලා ඇති.
ඉතින්, මේ චිත්‍රපටයේ ජනප්‍රියත්වයට එහි කතා තේමාව සහ නළු නිළියන්ගේ රංගනය වගේම එහි සංගීතයත් ප්‍රධාන හේතුවක් වෙලා තියෙන බව කියන්න පුළුවන්.
ඒ අතර මේ චිත්‍රපටයේ එන ගීත නිර්මාණත් විශේෂයි.
ඉතින් මේ චිත්‍රපටයේ එන “ප්‍රේමාලෝකේ පායා ඒවී” කියන ගීතය දැන් යූ ටියුබ් අවකාශය වෙත නිකුත් කරලා තියනවා.
චිත්‍රපටයයේ තවත් ගීත දෙකකුත් මීට පෙර නිකුත් කළා.
මේ ගීතය ගායනා කරන්නේ දිනේෂ් ගමගේ සහ දේවශ්‍රී ද සිල්වා විසින්.
මේ ගායන යුගළයේ හරියටම ගැළපෙන හඩ මුසුවත් එක්ක කැපෙන චිත්‍රපටයේ රූප රාමු පෙළ හරිම ආකර්ශනීයයි.
“ප්‍රේමාලෝකේ” ගීතය රචනා කළේ නිසල් ගමගේ විසින්. සංගීතය අමිත් ගුරු විසින්.
ඉතින් ඔබට දැන් ‘Dinesh Gamage’ සහ ‘Nisal Gamage’ දෙදෙනාගේම යූ ටියුබ් නාලිකා ඔස්සේ මේ ගීතය රස විදින්න පුළුවන්.
ඒ වගේම දැනට නිකුත් කරළා තියෙන චිත්‍රපටයේ අනෙත් ගීත දෙකත් අනිවාර්යයෙන් නරඹන්න.
වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්>>>











