“සත්‍යම් ශිවම් සුන්දරම්” ගීතයට නටා ප්‍රවීන බොලිවුඩ් නිළි සීනාත් අමන් මවිත කළ දැරිය
නර්තනයට දක්ෂ දරුවන් සොයා යන ඉන්දීය රියලිටි වැඩසටහනක් වන සුපර් ඩාන්සර් 3 වැනි අදියර ඊයේ රාත්‍රියේ නිමාව සනිටුහන් කළා.
එහි කිරුළු පැළඳුවේ රුප්සා බතබ්යාල් නම් 6 හැවිරිදි දැරිය යි.
මෙම රියලිටියේ අවසන් වටය සඳහා නර්තනයට උපන් හපන් දරුවන් 5 දෙනකු තේරී පත් වී සිටියා. ජෙශ්රි ගොගොයි කියන්නේ ඒ අතර සිටි තවත් දක්ෂ දැරියක්.
“සත්‍යම් ශිවම් සුන්දරම්” චිත්‍රපට ගීතයට ඇය මින් පෙර වටයක දී ඉදිරිපත් කළ නර්තනයක් බොහෝ දෙනකුගේ සිත් ඇද ගන්නට සමත් වුණා.
එම ගීතය ඇතුලත් 1978 දී නිෂ්පාදනය කළ “සත්‍යම් ශිවම් සුන්දරම්” බොලිවුඩ් සිනමාපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය වන සීනාත් අමන් ඉදිරියේ නර්තනය ඉදිරිපත් කිරීමට ජෙශ්රි ගොගොයි දැරියට අවස්ථාව ලැබීම තවත් විශේෂත්වයක්.