"If you are interested in world cinema, David Lynch is a name you cannot avoid.." (විශ්ව සිනමාව ඇසුරු කරන්නෙකුට ඩේවිඩ් ලින්ච් මගහැර ගත නොහැක.) යන උද්ධෘතයෙන් ඩේයිඩ් ලින්ච් ප්‍රත්‍යවලෝකන සිනමා උලෙළ (Retrospective Film Festival) එළඹෙන ජනවාරි 30 වැනිදා සිනමා දැක්මක් පැවැත්වීමට ජාතික චිත්‍රපට සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව එදින පෙරවරු 10ට Lost Highway (1997), පස්වරු 01ට Inland Empire (2006), පස්වරු 5ට Drive (2001) යන චිත්‍රපට තිරගත කෙරේ.
ඇතුළු වීම නොමිලේ මෙම සිනමා දැක්ම සිදු කෙරෙන අතර මීට අමතරව ජනවාරි 31 ඩේවිඩි ලින්ච් අධ්‍යාපනික වැඩමුළුව - Masterclass පෙරවරු 09 සිට පස්වරු 06 දක්වා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු යෝදා ඇත.
සීමිත පිරිසක් වෙනුවෙන් සියල්ල සුදානම් කර ඇති මෙම සිනමා අත්දැකීම 'පළමු වැන්නාට පළමු සංග්‍රහය' යන අනුපිළිවෙළින් සිදු කෙරේ.