lan englan tam

පුවත්

රජත, ස්වර්ණ පුස්තක සම්මාන සඳහා ඉදිරිපත් කළ විදර්ශන කෘති ඉවතට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

පොත් ප්‍රකාශනයේදී සාහිත්‍ය කෘති පළ කිරීමේ විශේෂ අවධානයක් දෙමින් කටයුතු කරන විදර්ශන පොත් ප්‍රකාශන ආයතනය විසින් රජත සහ ස්වර්ණ පුස්තක සම්මාන උළෙල වෙනුවෙන් ඉදිරිපත් කළ කෘති යළි භාරගන්නා ලෙස විදර්ශන ආයතනයට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය දැනුම් දී තිබේ.

අද (05) දිනයේ තමන් වෙත පොත් ප්‍රකාශකයින්ගේ සංගමය වෙතින් දුරකථන ඇමතුමකින් මේ බව දැනුම් දෙන ලද බව විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉණිමංකඩ විසින් පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපතිවරයා වෙත විස්තරාත්මක ලිපියක් යොමු කරනු ලැබ තිබේ.
ඔහු විසින් සඳහන් කරනු ලැබ ඇත්තේ ඉහත ඇමතුමට අනුව විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා නිර්දේශ වූ කෘති සහ ඒ සඳහා ගෙවන ලද සමීක්ෂණ ගාස්තුද ආපසු භාරගන්නා ලෙස තමන් දැනුවත් කෙරුණු බවය.
විදර්ශන අධිපතිවරයා විසින් යොමු කරන ලද ලිපිය පහතින් පළ කරමු.

Back to top
Go to bottom