lan englan tam

පුවත්

ලංකාවේ ඇන්ජලා දියනි Kids International රූ රැජනක වෙයි!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

තායිලන්තයේ පැවැති අයි ඈම් මොඩ්ල් සර්ච් කිඩ්ස් ඉන්ටර්නැෂනල් – 2025 (I am Model Search Kids International) රූ රැජන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ 08 හැවිරිදි ඇන්ජලා විමලසූරිය දියණිය එම තරගාවලියේ ජයග්‍රාහී කිරුළ දිනා ගෙන ඊයේ (26) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 16ක් නියෝජනය කරමින් පැමිණි තරගකාරියන් 42 දෙනකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 24 වැනි දින තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණි. ඇන්ජලා විමලසූරිය කොළඹ, හැව්ලොක් පෙදෙසේ පදිංචි අතර ඇය සාන්ත ලෝරන්ස් කන්‍යාරාමයේ 04 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයාවකි.

ඇන්ජලා මෙම ජයග්‍රහණය ද රැගෙන ඊයේ (26) දහවල් 11.10 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය පිළිගැනීමට ඇයගේ පුහුණුකාරිනිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

Back to top
Go to bottom