රාත්‍රී කාලයේ පවත්වන සංගීත ප්‍රසංගවල කාලය පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් සාකච්ඡාවක් ආරම්භ කරනු ලැබ ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස එවැනි සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව පසුගිය ජනවාරි 25 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
සංගීත ප්‍රසංග නැවැත්වීමට හෝ එහි කාලය අඩු කිරීමට රජයේ පාර්ශ්වයෙන් තීරණයක් ගෙන නොමැති නමුත්, අධිකරණ තීන්දුවලට අනුව කටයුතු කරන බව එහිදී ඇමතිවරයා විසින් අනාවරණය කෙරිණි.
ඒ අනුව 2005/38 දරණ අධිකරණ තීන්දුව කෙරෙන් මහජනතාව පීඩාවට පත් කරන ආකාරයේ සංගීත ප්‍රසංග පැවැත්වීම පිළිබඳව තීන්දුවක් ලබා දී තිබෙන අතර අදාළ තීන්දුවට අනුව 2007 /2008 පොලිස් චක්‍රලේඛ නිකුත් කර ඇති බව ඇමතිවරයා එහිදී පැවසීය.
අදාළ නීතිය 2010 වසරේදී සංශෝධනය කරනු ලැබ තිබේ.