lan englan tam

පුවත්

ලංකාවෙ ෆිල්ම් අතරෙ ඇත්තටම හොඳ සහ බැලිය හැකි 'රාණි'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
පහුගිය දවසක රාණි බැලුවා. බැලුවෙ හැව්ලොක් ස්කෝප් සිනමා ශාලාවෙදි. ඒක කියන්නෙම මේචිත්රපටය බලන්න දැනට තියෙන උසස්ම කොලිටියේ සිනමා ශාලාවක මේ චිත්රපටය බලලා, ඒකෙ රූපරාමුවෙන් රූපරාමුව අති පැහැදිලිව බැලුවාය කියන එක කියන්න. මොකද ලංකාවෙ හැම ෆිල්ම් එකම වගේ සැවෝයි එකේ ප්රිමියර් කළාට ඒකෙරූප සහ සවුන්ඩ් කොලිටිය සැබෑ තත්ත්වයට වඩා සෑහෙන පහළ මට්ටමක පවතින බව අත්දැකීමෙන්ම දන්නා නිසා. සැවෝයිත් එහෙම නම් ඊට පහළ ඒව කොහෙම ඇත්ද?

 මුලින්ම කියන්නෝන මේක සිනමා විචාරයක් නෙවෙයි, සිනමා රසිකයෙක් විධියට මගේ අත්දැකීම සහ සිනමා කර්මාන්තයේ තාක්ෂණික ශිල්පියෙක් විදියට මං දැක්ක, අත්විඳපු දේ ගැන සටහනක්. බොහෝ අය බොහෝ කෝණවලින් මේක බලල ලියලා තිබ්බ නිසා ඒවත් එක්ක මේක පටලවාගන්න එපා. ඒ වගේම මේක කියවලා චිත්රපටය බලන්න හෝ නොබලන්න තීරණය කරන්න එපා. අනිවාර්යයෙන් ඒක බලන්න. ඒක වගේම ලංකාවෙ හැදෙන අනිත් හැම චිත්රපටයක්ම බලන්න. ලංකාවෙ සිනමාව කර්මාන්තයක් විදියට ගොඩදාන්න රසික ඔබට දෙන්න පුළුවන් ලොකුම හයිය ඒක.

කතාව මෙහෙමයි. මට රාණි ගැන තියෙන්නෙ මිශ්ර හැඟීමක්. ඒක මට අනුව 'පට්ට ෆිල්ම් එකක්' නෙවේ. හැබැයි ඒක 'හද්ද චොස්' එකකුත් නෙවේ. විචාර ගොඩක් ඔය අන්ත දෙකෙන් විතරක් තිබුන නිසයි මං ඒක කියන්නෙ. හැබැයි Asoka Handagamaගෙන් 'සුපිරියක්' බලාපොරොත්තු වුන අයගෙ නම් බලාපොරොත්තු කඩවෙන මට්ටමේ එකක් බව පැහැදිලියි. ඒකට හේතු තියෙනවා.
මේක පැහැදිලිවම චරිතාපදාන කැටගරියේ ෆිල්ම් එකක්. Drama ටයිප් ෆිල්ම් එකක් බලන්න හිතන් ගියපු කෙනෙකුගෙ අපේක්ෂා යම් තරමකින් භංග වෙන්න පුළුවන් ඒ නිසා. හැබැයි මේක අර ඇතැම්හු පතුරු ගහලා තිබුණා වගේ වාර්තා චිත්රපටයක් නෙවෙයි. ලංකාවෙ චිත්රපට අතරෙ මට මේක ආසන්නව දක්වන්න පුළුවන් සංජීව පුෂ්පකුමාරගෙ 'ආසු' ළඟින් තියලා. හැබැයි ආසුට වඩා මේක බලන් ඉන්න පුළුවන්. කොහොම නමුත් අවසානයේ කියන්න තියෙන්නෙ මේකත් 'හඳගම මාක්' එක තියෙන, ඒත් මොකක්දෝ වෙනසක් කරන්න ගිහින් වැඩේ යම් තරමක් ඇනුණ ෆිල්ම් එකක් විදියට. ඕකම සංජීවටත් වුණා. එයා තමන්ගෙ ආකෘතිය කඩාගෙන එලියට එන්න ආසු තුලින් උත්සාහ කළ බව පෙනෙන්න තිබුණාට ඒකෙදි එයා ෆේල් කියන එක පැහැදිලව පේනවා. ඒකයි කතාව. නමුත් මේක හඳගමගෙ නරකම ෆිල්ම් එක නෙවේ. ලංකාවෙ ෆිල්ම් අතරෙ මේක ඇත්තටම 'හොඳ' සහ 'බැලිය හැකි' චිත්රපටයක්.
ඊළඟට ඇක්ටිං. සමහරු ස්වර්ණා මල්ලවාරච්චිව මාර උස තැනකින් තියද්දි සමහරු නිර්දය ලෙස විවේචනය කරලා තිබුණා. මගෙ අදහසත් ස්වර්ණාගෙ හොඳම රංගනය මේක නෙවේ. නමුත් මේක ඉතා උසස් රඟපෑමක්. මම ඇත්ත මනෝරාණිව ඇස්දෙකෙන් දැකලාවත් නැති නිසා ස්වර්ණා ඇයට සාධාරණය ඉෂ්ට කරනවද නැද්ද දන්නෙ නෑ. නමුත් ස්වර්ණා 'රාණි'ට සෑහෙන්න සාධාරණයක් ඉෂ්ට කරනවා. හැබැයි ඒ චරිතය වැටෙන සහ උඩින් පල්ලෙන් රඟපාන තැනුත් නැතුවාම නොවෙයි. උදාහරණ විදියට රිචඩ්ව පැහැරගෙන යන දර්ශනයේ කට්ස් අතර මේක දකින්න පුළුවන්. ඒ දර්ශනයේ ස්වර්ණාගේ රංගනය තරමක් කෘත්රිමයි සහ ඇය චරිතයට එනවා, යනවා වගේ ගතියක් පේනවා.
කොහොම නමුත් මේ චිත්රපටයේ රංගන ශිල්පී ශිල්පිනියන්ගෙ රංගනයන් හොඳම එකේ සිට පහළට පෙලගැස්සුවොත් අංක එකට එන්නෙ කරු. ඒ කියන්නෙ Mayura Perera. මම කරුව දැක්ක පළමු ෆ්රේම් එකේ සිට අවසන් ෆ්රේම් එක දක්වා මාර විදියට ඒ චරිතෙ වින්දා. ඇත්තටම මම පෞද්ගලිකව ඒ චරිතය කරන්නේ මයුර බව නොදැන සිටියා නම් ඒ නළුවා කවුදැයි මං ඇතුළෙ ප්රශ්නයක් එනවා. ඒ තරම් ඔහු ඒ රංගනය ඇතුළෙ මයුරව වහලා කරුව ඉස්මතු කරනවා. එක මොහොතකටවත් මං ඒ චරිතය ඇතුළෙ මයුරව දැක්කෙ නෑ. අංක දෙක ස්වර්ණා. ඒ ඇය ප්රධාන චරිතය නිසාම නෙවේ, ඇය චරිතයට කරන සාධාරණය නිසා. අංක තුන මංගල හෙවත් අශාන් ඩයස්. ඔහු මංගලගෙ චරිතය හොඳින් උකහාගෙන හොඳට හෝම්වර්ක් කරලා තියෙන බව පෙනුණා. සනත් ගුණතිලකත් ලලිත්ගෙ චරිතයට සාධාරණයක් කළා. අනිත් චරිත නම් ඉතිං සාමාන්යයි. මොකද ඒ චරිත ඇතුළෙ කරන්න ලොකු දෙයක් තිබ්බෙ නෑ කියලයි මට හිතෙන්නෙ. රිචඩ්ටත් 50/50 වගේ තමයි ලකුණු දෙන්න පුළුවන්. ඒක රංගනයේ අවුලක්ද ඩබ් කරද්දි ආව අවුලක්ද දන්නෙ නෑ. ඒ රංගනයයි වොයිස් එකයි සින්ක් නොවෙන ගතියක් තියෙනවා. (සමහර විට මගෙ අවුලක් වෙන්න ඇති.) හැබැයි හොඳ රඟපෑමක්. මෙතනදි විශේෂම කාරණය තමයි මහින්දගෙ චරිතයෙදි බිමල් ජයකොඩි ෆේල්. මම එතන දැක්කෙ බිමල්ව මිස මහින්ද නෙවේ. මහින්ද උලුප්පන්න ඔහුට අනන්ය "හරිය, අපෙ හාමුදුරුවනේ" වගේ වචන 'බලෙන්' ඔබ්බලා තිබුණා මිස මහින්ද ඉස්මතු වෙලා තිබුණෙ නෑ. "අඩෝ මේ බලපං මේ තමයි මහින්ද රාජපක්ෂ" ලයින් එකේ අපට බිමල්ව පෙන්නන්න උත්සාහ කලත්, බිමල්ගෙන් පිට දෙයක් පෙනුනෙ නෑ.
තාක්ෂණික කාරණා ගැන ගත්තොත් මේකෙ මේකප් තමයි හොඳටම කරලා තිබුණෙ. පPriyantha Dissanayaka මේ චරිතවල ස්වභාවය හරියටම මතු කරන්න කළ හැකි හැමදෙයක්ම කරලා තිබුණා. ඒක හොඳ ලකුණක්. තමන් කොමර්ෂල් වගේම ආට් පැත්තෙත් 'වැ⁣ඩ්ඩෙක්' බව ප්රියන්ත අයියා ඔප්පු කරලා තිබුණා. අර ප්රේමදාස මැරෙන තැන මිනී සහ ශරීර කොටස් ඇතුළු අනිකුත් දේවල් රියලිස්ටික්.
කැමරා අධ්යක්ෂණයත් ප්රශස්ත මට්ටමක තිබුණා. Channa Deshapriya වගේ මනුස්සයෙක් වැඩේට ගත්තු එකේ වටිනාකම රූපරාමු ඇතුළෙ පේන්න තිබුණා. හැබැයි 'මං දන්න' චන්න අයියාට ඔය වැඩේ ඇතුළෙ ඔයිට වඩා දෙයක් කරන්නත් පුළුවන්කම තිබ්බා කියල සමහර ෆ්රේම් දකිද්දි මට හිතුණා. කොහොම නමුත් ආස හිතෙන විදියේ කැමරා අධ්යක්ෂණයක්.
කලා අධ්යක්ෂණයටත් බිමල් දුෂ්මන්ත සෑහෙන්න මහන්සි වෙලා තිබුණ බව පේන්න කිබුණා. හොඳ බැක්ග්රවුන්ඩ් රිසර්ච් එකකුත් කරලා තිබුණ බව රූපරාමු බලද්දි පේනවා. හැබැයි ලූස් තැනුත් නොතිබ්බාම නෙවෙයි. සරල එකක් කිව්වොත් අර මනෝරාණි කතා කරන පෝඩියම් එකයි, මයික් දෙකයි අටවලා කියලා හොඳටම පේනවා. ඒව ගැන ඔයිට වඩා හිතුව නම් යසයි.
අවසානයට සමස්ත කතාව ගත්තාම, ලොකු අර්බුදයක් නෑ. මොකද මේක රාණිගෙ චරිතාපදාන කොටසක් නෙ. (මට හිතෙන්නෙ එහෙම) හැබැයි ඇතැම් දර්ශන තිබුණා අනවශ්යයි කියලා හිතෙන. සමහර ඒවා ඕනෑවට වඩා දිගයි. ඒකෙන් බෝරිං වෙනවා. අර සංගීත ශිල්පියා මරන සීන් එක ඔච්චර අනවශ්ය වටවන්දනාවක් අරන් ගියේ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ. එතනදි ඒ බිරිඳ "අතන තමයි" කියලා තැනක් පෙන්නුවාම අපි දන්නවා එතන වෙන්නැති මිනිහව මරන්න ඇත්තෙ කියලා. ඒක එහෙම වෙලත්, චිත්රපටයේ සැලකියයුතු වෙලාවක් නාස්ති කරමින් අලුත් සීන් එකක් එබ්බුවේ ඇයි කියන්න මට තේරෙන්නෙ නෑ.
ඊළඟට අන්තිම සීන් එක නම් අනවශ්යම එකක්. මං හිතන්නෙ නෑ ෆිල්ම් එක බලද්ද රිච්ඩ් මැරුවෙ ප්රේමදාසද, නැද්ද කියන එක
ප්රේක්ෂකයාට වැදගත් වුණා කියලා. රිචඩ්ව මේ සිස්ටම් එක විසින් මැරුවා. ඒක පැහැදිලියි. ඒකට ප්රේමදාසගෙ ඉඳන් අවසන් කෙලවරේ කොස්තාපල් දක්වා වගකිවයුතු බව අපි දන්නවා. එහෙම තියෙද්දි "අනේ ප්රේමෙ දන්නෙත් නෑ, මුන් මේ ප්රේමෙට තියෙන ලව් එක⁣ට පැනලා දෙන්න ගිහින්නෙ රිචඩ්ව මරන්නේ" වගේ එකක් ගම්ය කරන්න හදන්නේ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ. ඒ වගේම රිචඩ්ගෙ ලිංගික දිශානතිය සමච්චලයට ලක් කරන එක. කෙනෙකුට හිතෙන්න පුළුවන් රිචඩ්ව අරන් යන්නෙ කොලුසීන් එකක් දාන්න මිස වෙන හේතුවකට නෙවෙයි කියලා. රිචඩ්ව එහෙම තැනකට හෑල්ලු කරන එක නම් අන්තිමයි. අනික ඒ සීන් ⁣එකේ දිග. ඒ වගේම ඒක පට්ට අභව්යයි. කවුරුහරි මට කියන්න රටක කුමන හෝ ජනාධිපති කෙනෙක් පොලිස් ලොක්කෙකුයි එයාගෙ සහයක කොස්තාපල්ලයි සේරමත් එක්ක එකට වාඩිවෙලා ජනාධිපති මන්දිරේ 'අඩිය' ගහනවද? ටිකක් නෙවෙයි හොඳටම ප්රැක්ටිකල් නෑ නේද? හැබැයි ඒක එහෙමයි වුණේ කියලා අපිට හඳගම කියනවා. මං කියන්නෙ "අපි බිව්වෙ මොනවද?" කියලා නොදන්න මටට්මේ කොස්තාපල්ලා එක්ක.. මරු හැබැයි...
මගේ සටහන ඔච්චරයි. මං ඔබෙන් ඉල්ලන්නෙත් මෙච්චරයි. මේ වගේ ඕන තරම් සටහන් සහ විචාර කියවන්න. හැබැයි ෆිල්ම් හෝල් එකට ගිහින් ෆිල්ම් එක බලන්න. ඊටපස්සෙ තීරණය කරන්න අර ලියල තියෙන ඒව ඇත්තද නැත්තද කියලා. මේවා කියවලා විතරක් "ෆිල්ම් එක නොබලා ඉන්න තීරණය කරන්න එපා"
ස්තුතියි.
 

සමිත් බෝධිපක්ෂ - සිනමා රසිකයෙක්
'ගෞතම බුද්ධ මාතා' චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ

Back to top
Go to bottom