lan englan tam

පුවත්

කථානාද සිනමා සැමරුමේ දළුගම වැඩසටහන කල් යයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

දේශීය කථානාද සිනමාවට මේ වන විට වසර 78ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ජනවාරි අවසන් සති දෙක තුළ පැවැත්වුණ සිනමා සැමරුම් වැඩසටහන් අතර දළුගම සරසවි චිත්‍රාගාරයේ පැවැත්වීමට යෙදුණු සිනමා දැක්ම එළඹෙන මාර්තු මාසය දක්වා කල් ගොස් තිබේ.

සංවත්සර සැමරුම වෙනුවෙන් සිනමා කෘති 09ක් නොමිලයේ පෙන්වීමට කටයුතු යොදා තිබූ අතර ජනවාරි 14 - සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා, 15 - සංසාරේ දඩයක්කාරයා, 16 - The wild Goose Lake, 17 - Anatomy of a Fall, 18 - කෝමාලි කිංස්, 19 - Peepli, 27 - ගඟ අද්දර, 28 - Jigarthanda, 29 - සාරවිට යනාදී සිනමා නිර්මාණ තිරගත කිරීමට කටයුතු යොදා තිබිණි.
ජනවාරි 14 සිට 19 දක්වා සිනමාපට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ සවස 4.30ට සහ ජනවාරි 27 සිට 29 දක්වා චිත්‍රපට දළුගම සරසවි චිත්‍රාගාරයේදී සවස 4.30ට තිරගත කිරීමට කටයුතු යොදා තිබුණ නමුත්, නොවැලැක්විය හැකි හේතුවක් මත සරසවි චිත්‍රාගාරයේ සිනමා දැක්ම මාර්තු දක්වා කල් යන බව ජාතික චිත්‍රපට සංස්ථාව පවසයි.

Back to top
Go to bottom