lan englan tam

පුවත්

අපට සමීප විදිහට පරිවර්තනය කිරීමට කැමති චන්දන ගුණසේකර

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මේ වන විට ලංකාවේ පරිවර්තන සාහිත්‍ය කෘති නිකුත්වන ප්‍රමාණය සහ වේගය කෙතරම් වර්ධනය වී තිබුණ ද බහුවිධ රසයෙන් යුත්, සාහිත්‍ය රසයෙන් අනූන පරිවර්තන සාහිත්‍ය කෘති නිකුත් වන්නේ ඉතා අල්ප වශයෙනි.

එබඳු වාතාවරණයක් තුළ කවියකු, ප්‍රබන්ධ රචකයකු මෙන් ම පර්වර්තකයකු වන චන්දන ගුණසේකර සිය සිවුවන පරිවර්තන කෘතිය පසුගිය පෙබරවාරි මාසයේ දී ජනගත කළේ ය. ඒ ඇමරිකානු ලේඛකයකු වන ඇන්තනී ඩෝර්ගේ ‘ALL THE LIGHT WE CANNOT SEE’ නමැති කෘතිය යි. පරිවර්තකයා මෙය සිංහලෙන් නම් කර තිබෙන්නේ ‘දෘෂ්ටිමානයට ඔබ්බෙන්’ යනුවෙනි.

‘ALL THE LIGHT WE CANNOT SEE’ නමැති මෙම කෘතිය 2015 වසරේ හොඳ ම ප්‍රබන්ධ නවකතාව ලෙස Pulitzer සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඊට අමතරව 2015 වසරේදි Andrew Carnegie Medal for Excellence in Fiction සම්මානයෙන් ද පිදුම් ලැබී ය.

මතු පළ වන්නේ ‘ALL THE LIGHT WE CANNOT SEE’ නමැති කෘතිය ‘දෘෂ්ටිමානයට ඔබ්බෙන්’ යන මැයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කළ චන්දන ගුණසේකර, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්මුඛ සාකච්ඡාව ය.

සටහන - ජයසිරි අලවත්ත

Back to top
Go to bottom

Popular News