lan englan tam

පුවත්

"අදහස් වෙනුවෙන් ඓන්ද්‍රීයව පෙනී හිඳීම ලංකාවෙදි භයානකයි"

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

"අදහස් වෙනුවෙන් ඓන්ද්‍රීයව පෙනී හිඳීම ලංකාවෙදි ඉතා භයානකයි. ලෝකයේ ඒක කොහොමද මම දන්නේ නෑ. යාළුවො තරහා වෙනවා. මෙතනත් අද තරහ වෙච්ච අය ඉන්නවා."

Sequel සමකාලීන ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව කොළඹ JDA කලාගාරයේ පසුගිය අගෝස්තු 24 වැනිදා පැවති බූපතිගේ 'ඡායාරූප කලාවේ නූතනවාදයට එරෙහිව' කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.
"මට ඉතා සතුටුයි මේ පොතේ නම ගැන. එහි අදහසට ඉතා අවශ්‍ය ඉතා විධිමත් හැඳින්වීමක් ප්‍රගීත් අලුත්වත්ත සහෝදරයා කළ එක ගැන සතුටුයි. මේක මගෙ ජීවිතෙන් ගැලවුණු වැඩක් නෙමෙයි. මෙහි පළමු ලිපිය 2012 ගිය එකක්. මෙහි ලිපි ලියද්දි මගෙත් එක්ක අවුරුදු 04, 05 සමහරු කතා නොකර ඉඳලා තිබුණා. මේ ප්‍රදර්ශනයත් අද ඉතා ලස්සන වුණාට සංවිධානය කරද්දි අදහස් වශයෙන් මම ඉතා වධකාරයි. ලාල් හෑගොඩ සර් අද සෞන්දර්යය ගැන මොනා කිව්වත් මගේ ජීවිතේ පරමාදර්ශ විදිහට ඉන්න ඔහු, දීප්ති, අශෝක හඳගම කියන අය හැමෝම ලංකාවෙ බොහෝ දෙනෙකු ඉතා අඩුවෙන් කරන අදහස් වෙනුවෙන් පෙනී සිටීම කරනවා.
ප්‍රගීත්ගේ කතාවත් ඇඳුමත් අතර පරතරයක් නෑ. අදහස් වෙනුවෙන් ඓන්ද්‍රීයව පෙනී හිඳීම ලංකාවෙදි ඉතා භයානකයි. ලෝකයේ ඒක කොහොමද මම දන්නේ නෑ. යාළුවො තරහා වෙනවා. මෙතනත් අද තරහ වෙච්ච අය ඉන්නවා. අද පොත් පිළිගන්වපු සමහරු පාරෙදි කතා කරන්නේ නෑ. මමත් ඇතැම් වෙලාවට කරන්නේ නෑ. මේක තුවාල පිරුණු පොතක්. මේක සටනක්...." යැයි කී බූපතිගේ ප්‍රකාශය පහතින් වේ.

Back to top
Go to bottom

Popular News