lan englan tam

පුවත්

සංගීතෙට ඇළුම් කළේ නෑ; මම කළේ ක්‍රිකට් ගහන එක

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

බේස් ගිටාර් වාදකයෙකුට 80 දශකයට පෙර කාලයේ දෛනික ගෙවීම රුපියල් 120ක් වැනි මුදලක් වූ බවත් එවකට එම මුදලේ වටිනාකම වර්තමනායේ හැටියට රුපියල් 12,000ක් පමණ වූ බව ප්‍රවීණ සංගීත සහ ගායන ශිල්පී චිත්‍රාල් සෝමපාල පවසයි.

ශ්‍රී ලාංකේය සංගීත කලාවේ දැවැන්ත පෞරුෂ දෙකක් වන පී.එල්.ඒ. සෝමපාලයන්ගේ සහ චිත්‍රා සෝමපාලයන්ගේ පුතණු වන ඔහු එම ගීත ජාත්‍යන්තරය පවා ආදරයෙන් වැළඳගන්නා ලෙස යළි ගායනා කළේ වත්මන් පරපුර එම ගී ඔහුගේ ස්වතන්ත්‍ර නිර්මාණ යැයි වටහාගන්නා ආකාරයෙනි.
මෙවර 'මතක පද' යූටියුබ් සංවාදය සමග එක් වූ චිත්‍රාල් එම සංවාදයේදී පවසන්නේ 80 දශකයට පෙර වකවානුවේ ඉතා හොඳ ගෙවීමකට ඔහු වර්ෂාවසාන ප්‍රසංගවලටද සහභාගි වූ අයුරුය.
තමන් කුඩා කල සිට සංගීතයට කිසිදු කැමැත්තක් නොතිබූ බවත් ක්‍රිකට් ක්‍රීඩාවට බෙහෙවින් නැඹුරු වූ චිත්‍රාල් එම ක්‍රීඩාවේ නියැලුණ බවද පවසයි.
ශ්‍රී ලංකාවේ අසහාය සංගීතවේදීන්ගේ දිගු නාමාවලියක් වැඩසටහනේදී පවසන චිත්‍රාල්, අතීතයේ ප්‍රවීණ සංගීතඥයින් සහ ජනප්‍රිය සිනමා ගීත නිර්මාණකරුවන් වූ එම්.කේ. රොක්සාමි සහ ආර්. මුත්තුසාමි වැන්නන්ද "රොක් සාමි අන්කල්, මුත්තුසාමි අන්කල්" යැයි පවසන්නේ සිය ජීවිතයේ ප්‍රවීණයින්ගේ ඇසුර පිළිබඳව ඇති ගැඹුරද පෙන්වා දෙමිනි.
'මතක පද' සෑම සිකුරාදාවකම එම නමින් පැවැත්වෙන යූටියුබ් නාලිකාවේ සවස 04ට විකාශය වන අතර ගුවන්විදුලි ජනමාධ්‍යවේදියෙකු වූ ගැමුණු වන්නිනායක විසින් වැඩසටහන මෙහෙයවනු ලබයි.

Back to top
Go to bottom

Popular News