ෂෙරිල් "පාරා" එක්ක අලුත් ආරම්භයක් තියලා
ඔව්. අවුරුදු තුනකට පස්සේ තමයි මම ටෙලි නාට්‍යයක රඟපෑවේ. ප්‍රභාත් රෝෂන් අයියගේ හොඳ ටෙලි නාට්‍යයක් මට ලැබුණා. මම ඒ චරිතයට ගොඩක් ආසයි. ඉතිං මම හරිම ආසාවෙන් ඒ චරිතය කළා.
කාලයක් නිහඬ වෙලා ඉඳලා මේ වැඩේ භාරගන්න හිතුණේ..?
හොඳ වැඩක පේන්න ඉන්න මම ආසයි. මේ චරිතයට මට ආස හිතුණා. ඉතිං හරිම කැමැත්තෙන් මෙය භාරගත්තේ.
කාලයකට පස්සේ පුංචි තිරයේ පේන්න ඉද්දි ෂෙරිල්ට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා කියලත් ආරංචියි
ඔව්. මට ගොඩක් සතුටුයි ලැබෙන ප්‍රතිචාර දැක්කම. මම මගේ ජනප්‍රියත්වය තියාගෙන ඉන්න විදිය හොඳයි. මම ආයෙත් පුංචි තිරයේ දකින්න ලැබුණු එක ගැන මගේ ප්‍රේක්ෂකයෝ ගොඩක්
සතුටු වෙනවා.ඒ කියන්නේ පුංචි තිරයේ පේන්න නොහිටියට ෂෙරිල්ව ප්‍රේක්ෂකයන්ට අමතක වෙලා නෑ නේද..?
මගේ ප්‍රේක්ෂකයන්ට මාව අමතක වෙන්න දෙන්නේ නෑ. මගේ දක්ෂතාව මොනම විදියට හරි එළියට දානවා. ඒ හැකියාව වැළලිලා යන්න මම ඉඩ දෙන්නේ නෑ. ඒ නිසා මගේ ප්‍රේක්ෂකයන්ට
මාව මතකයි."පාරා" එක්ක ෂෙරිල්ව මේ තරම් ප්‍රේක්ෂකයෝ වැලඳ ගනියි කියලා හිතුවද..?
මම දෙයක් කරද්දී මං ගැන ආත්ම විශ්වාසයකින් දේවල් කරන්නේ. එහෙම කළාම ඒ වැඩේ සාර්ථක වෙනවා.
ෂෙරිල් අවුරුදු තුනක් පුංචි තිරයේ දකින්න නොලැබුණේ නිර්මාණ නොලැබුණු නිසාද..?
මට නිර්මාණවලට ආරාධනා ලැබුණා. ඒත් හිතට වැදෙන නිර්මාණ තිබුණේ නෑ. මම හැම තිස්සෙම පේන්න ඉන්නත් ආස නැහැ. මෙහෙම කාලෙකට පස්සේ පේන්න ඉද්දි "ඹධඹ" වගේ හැඟීමක් අනෙක් අයට ඇතිවෙන්නේ. එක දිගට පේන්න හිටියමත් කිසිම අගයක් නෑනේ.
ෂෙරිල්ට රංගන ජීවිතයේ සීමා තියෙනවාද..?
මම රංගන ශිල්පිනියක්. ඒ නිසා මම අභියෝගවලට ආසයි. මට නිර්මාණයක් ලැබුණම මට කරන්න පුළුවන් නම් ඒ දේ කරනවා.
රුවන් ෂෙරිල්ගේ රංගන ජීවිතයට සීමා දාන්නේ නැද්ද..?
නැහැ. අපි දෙන්නා කලාව ඇතුළේ වුණත් කරන්නේ වෘත්තීන් දෙකක්. එයා එයාගේ වෘත්තියේ දේවල් තෝරගෙන කරනවා. මම මගේ දේවල් තෝරගෙන කරනවා. එයා මටවත් මම එයාටවත් සීමා දාන්න අපි පොඩි ළමයි නෙවෙයිනේ.
ෂෙරිල් "ඉර හඳ යට" චිත්‍රපටයෙන් පස්සේ චිත්‍රපටයක දැක්කේ නෑ. කොතැනද වැරදුණේ..?
මම ක්ෂේත්රයට ආවේ බෙනට් රත්නායක මහත්මයාගේ "ඉර හඳ යට" චිත්‍රපටයෙන්. මම හිතන විදියට කිසිම වැරැදීමක් නැහැ. මම ගොඩක් ආස සිනමාවට. ඒත් මට වැඩිපුර ලැබෙන්නේ ටෙලිනාට්‍ය. ඉදිරියේදී සිනමාවටත් අවස්ථා ලැබෙයි කියන විශ්වාසයෙන් මම ඉන්නවා.
ෂෙරිල් රුවන්ගේ මියුසික් වීඩියෝවල වැඩිපුර දකින්න ලැබෙනවා. ෂෙරිල් සැමියාගේ නිර්මාණවල පෙනී හිටින්න වැඩිපුර කැමැතිද..?
රුවන්ගේ මියුසික් වීඩියෝ හයක වගේ තමයි මම හිටියේ. පසුගිය කාලේ අපි කරපු "නාරි හැඟුම්" මියුසික් වීඩියෝවත් ගොඩක් ජනප්‍රිය වුණා. මම එයාගේ හැම මියුසික් වීඩියෝවෙම ඉන්නේ නැහැ. මට හිතට වැදුණොත් තමයි රුවන් කතා කළත් ඒවට සම්බන්ධ වෙන්නේ. මම කැමැති නැත්තම් මම එයාට කෙළින්ම කියනවා.
ෂෙරිල්ව රුවන්ගේ වැඩවලට සම්බන්ධ කරගන්නවා ඇත්තේ පහසුව නිසා වෙන්න ඇතිද..?
මම හිතන්නේ මම ලස්සන නිසා වෙන්න ඇති. ඒක එයත් කියනවා. එයාගේ යාළුවොත් එයාට කියනවා ඇති මාව ගන්න කියලා. කොහොම වුණත් මට හිතට වැදුණේ නැත්නම් මං එයාට බෑ කියලා කියනවා. එහෙම කියපු අවස්ථා වුණත් තියෙනවා.
ෂෙරිල් මාධ්‍යවලත් නිතර පේන්න නැහැ. ෂෙරිල් මාධ්‍යවලින් වහන් වෙලා හිටියා කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්..?
එහෙම නැහැ. මම මාධ්‍යවලින් වහන් වෙලා ඉන්නේ නෑ. මම ඕන දෙයක් කෙළින් කතා කරනවා. ඒ නිසා මට හැංගෙන්න වුවමනා නැහැ. හැමදේටම මුහුණ දාගන්න මං ආසත් නැහැ. පාඩුවේ පැත්තකට වෙලා ඉන්න තමයි මම කැමැති. මට වෙලාව තිබ්බොත් තමයි මාධ්‍ය වැඩසටහන්වලට වුණත් සම්බන්ධ වෙන්නේ.
සමහරු ෂෙරිල්ගෙයි රුවන්ගෙයි ජීවිතයට එක එක චරිත සහතික දෙන්න පටන් අරගෙන තියෙනවා..?
අපිට චරිත සහතික දෙන අයට තමයි මුලින්ම චරිත සහතික දෙන්න ඕනේ. තමන්ගේ ජීවිතවල කුණු තියාගෙන අනෙක් අයගේ ජීවිතවල කුණු අවුස්සන්න එනවා. අපිට විතරක් නෙවෙයි දැන් හැමෝටම එක එක මිනිස්සු චරිත සහතික දෙනවා. ඒක හරි වැරැදියි. දැන් බලන්න චන්දිමාල්ගේ බර්ත් ඩේ පාටි එක මිනිස්සු විවේචනය කළා. ඒක එයාගේ සල්ලිවලින් එයාගේ සතුටට කළ දෙයක්. එතැනට ගියපු අය තමයි කොහොමද හැසිරෙන්න ඕන කියලා දැනගන්න ඕන. කාටවත් අපහාස කරන එක හරි වැරැදියි.
ෂෙරිල්ගෙයි රුවන්ගෙයි විවාහ ජීවිතය ගැන එක එක කතා පැතිරෙද්දි දුකක් නැද්ද..?
දුකක් නැහැ. හැබැයි කලකිරීමක් තියෙනවා. ඇයි මෙහෙම කියන්නේ කියලා. හොඳට ඉන්නකොටත් කතා හැදෙනවා. කවුරු හරි විවාහ වෙලා ඉඳලා ඩිවෝස් වුණත් ඒක එයාලගේ කැමැත්ත. එයාලගේ අයිතිය. අනෙක් අයට ඒ අයගේ ජීවිත ගැන වැඩක් නැහැ. ඔය වැඩක් නැති මිනිස්සු තමයි අපිට ඊර්ෂ්‍යාවට කතා කියන්නේ. අපි ඒ අයට වෛර කරන්න හොඳ නැහැ. ඒ අයට අනුකම්පා කරන්න ඕන.
ෂෙරිල් කියන්නේ ඇඳුම් පැලඳුම් ගැන හැසිරීම ගැන වැඩිපුර හිතන කෙනෙක්ද..?
මෙහෙමයි. මම ෆැෂන් කරන්න කැමැතියි. මම ගිය අවුරුද්දේ මගේ උපන් දිනයට ඇන්ද ඇඳුම ගැනත් සමහර අය දේවල් කියලා තිබ්බා. මගේ සල්ලිවලින් මම කැමැති ඇඳුමක් ඇන්දේ. අපි භාගෙට පේන විදියට ඇඳලා හැසිරෙන විදිය දැනගන්න ඕන. කොටට ඇන්දට ගණිකාවක් වෙන්නේ නෑ. හැබැයි අපි ඒ ඇඳුම් ඇඳගෙන ගිහින් තැනක හැසිරෙන විදිය දැනගන්න ඕන. මම ෆැෂන් කළාට ඒවා ඇඳගෙන නාඩගමක් වෙන්නේ නෑ.
දැන් ෂෙරිල් දිගටම රංගන කටයුතුවල දකින්න ලැබෙයිද..?
මම කලාවට ආදරෙයි. කලාවට සම්බන්ධ වෙන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේක දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්. ඒ නිසා රංගන කටයුතු දිගටම කරගෙන යනවා.ඒ
කියන්නේ ආයෙත් කලා කටයුතුවලින් නිහඬ වෙන එකක් නෑ..?
නිහඬතාවයෙන් ප්‍රතිඵල ගන්න පුළුවන්. හදිසි වුණොත් ප්‍රතිඵල ගන්න බැහැ. ඒ නිසා හිමින් ගමනක් යනවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ