ඉරාජ් වීරරත්න කියන්නේ තාරුණ්‍යයේ බොහෝ දෙනා අතර ජනප්‍රියයි චරිතයක් .ඉරාජ් යනු මතුපිටින් බලා තීරණය කළ හැකි චරිතයක් නොවේ. ඔහුගේ ඇතුළාන්තය ඊට වඩා වෙනස් , ජාත්‍යන්තරව පවා ඔහුගේ නිර්මාණ ඇගැයීමට ලක්ව තිබෙනවා, ඔහුගේ අලුත්ම ගීතයත් මේ වනවිට YouTube එක හරහා සමාජ ජාල හරහා ගොඩාක් ජනප්‍රියයි . ඉතින් ඒ නිර්මාණ ගැන සහ ඔහුගේ ඉදිරි නිර්මාණ ගැන ඉරාජ් වීරරත්න සමඟ කල කතා බහයි මේ
Chatඑක
'අපේ අය ලිඳේ ඉන්න මැඩියා වගේ'
ඉරාජ් මේ දවස් වල මොකද කරන්නේ ?
පහු ගිය සුමානේ මම අළුත් Music Video එකක් Release කලා, හින්දි සහ ඉංග්‍රීසි භාෂාවෙන් මේ දවස් වල බොලිවුඩ් වල ගොඩක් ජනප්‍රිය කෙනෙක් වන නේහා කාකර් ( Neha Kakkar ) එක්ක, ඒක මේ දවස් වල YouTube එක හරහා ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා, තව ඊලඟ මාසේ අලුත් සින්දු දෙකක් එනවා, එකක් ලංකාවට හැදුවා, අනිත් එක අමරිකාවේ බිල්බෝර්ඩ් ගීත දර්ශකයේ අංක එක ( Billboard - Music Charts - No 1) වුණු ගායකයෙක් එක්කත් මම ගීතයක් හැදුවා, ඒ දේවල් ඉදිරියේදී දකින්න පුළුවන්
අනිතමට Release කල නච්නා ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?
ඒක YouTube වලින් No 1වෙලා තියෙනවා නේපාලයේ සහ ලංකාවේ, ඒ වගේම ඉන්දියාවේ විශාල ප්‍රමාණයක් මේ ගීතය බලලා තියෙනවා, ඉතින් හොඳ ප්‍රතිචාර තවමත් ලැබෙමින් පවතිනවා
ඉරාජ් ගීතයක් කරන්න කලින් ඒ ගැන අධ්‍යනයක් කරනවද ?
අනිවාර්යෙන්ම, මම එදා ඉදන්ම අද වෙනකම්ම කලේ එකිනෙකට වෙනස් ගීත, එහෙම නැතුව එක විදියේ එකම තාලයේ ගීත මම කරන්නේ නැහැ, මට ඕනේ හැමවෙලාවෙම අලුත් දෙයක් කරන්න වෙනස් දෙයක් කරන්න, ඉතින් ලංකාවේ එකම විදියේ ගීත ඇහෙනකොට මම ඊට වඩා වෙනස් ගීතයක් කලාම ඒ ගැන කතා වෙනවා වැඩියි.ඒක තමා ප්‍රධාන හේතුව ඉරාජ් කරන ගීත වෙනස් කියල දැනෙන,
ඉරාජ් හිතන්නේ ලංකාවේ Music Field එකේ තරගකාරිත්වයක් තියෙනවද ?
අනේ නැහැ,මම නම් කිසිම තරගකාරිත්වයක් දකින්නේ නැහැ, නමුත් මම විශ්වාස කරන්නේ ඕනෙම ක්ෂේත්රයක් තුල තරගකාරිත්වයක් තියෙන්න ඕනේ, එතකොට හොඳ නිර්මාණ කරන්න පෙළඹීමක් වෙනවා, මම නම් දකින්නේ නැහැ දැන් මේ ලංකාවේ Music Field එකේ එහෙම තරගකාරිත්වයක්, බලන්න දැන් තියෙන ගීත ටිකක් අරන් එකම විදියේ low Bu jut අඩන සිංදු කරන්නේ Ringing tone වලට , ඉතින් කොහොමද තරගකාරිත්වයක් හැදෙන්නේ,
ලංකාව තුල කොහොමද ඉරාජ් එක්ක ඉන්න පිරිස ?
මට එදා ඉදන්ම ඉන්නේ රැප් සංගීතය අහන අය, ඒ අය බලාගෙන ඉන්නේ මම අලුත් සිංදුවක් කරනකම්, ඒ වගේම තමා තව පිරිසක් ඉන්නවා මට බනින්න බලාගෙන ඉන්නේ, හැබැයි කියන්න ඕනේ ඒ බනින අය නිසා තමා ඒ සිංදු ජනප්‍රිය වෙන්නේ,
ඉරාජ් ට ඒ ලැබෙන බැනුම් ඉරාජ් දකින්නේ කොහොමද ?
මම 2004 අහංකාර නගරේ සිංදුව කරපු කලෙත් මට බැන්නා, මොකක්ද මේ කරන්නේ නටනවා දඟලනවා කියලා, නමුත් මම කව්රු කෑ ගැහුවත් මම බය නැහැ, මොකදම්ම කරන්නේ මට ඕනේ දේ, අනික මම ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ වටේ ගිහින් තියෙනවා සංගීතය දැකලා තියෙනවා, ඒ වගේම දකුණු ඉන්දියාවේ විජයගේ ෆිල්ම් වලට මම ගීත කරලා තියෙනවා, ඉස්සරහට මම බොලිවුඩ් චිත්‍රපට කිහිපයකත් වැඩ කරනවා, ඉතින් මේ රටේ අය තවම එහෙම දේවල් කරලා නැහැ, තවම අපේ අය ලිඳේ ඉන්න මැඩියා වගේ දුපත් මානසිකත්වයෙන් ඉන්නේ, බලන්න පොඩ්ඩක් හිතලා අපේ සිංහල ගීත ආසියාතික රටවල් වල අයඅහනවද නැහැ නේ , නමුත් අපි හින්දි ගීත අහනවා නේ, ඕක තමා ඉතින් ඇත්ත තත්ත්වේ
ලංකාවේ සංගීතය දකින්නේ කොහොමද ?
ජාත්‍යන්තරය එක්ක බලද්දී ලංකාවේ අපේ සංගීතය ඉන්නේ ගොඩාක් පිටිපස්සේ, අපේ අමරදේව සර් එහෙම ලොකු සේවයක් කලා ලංකාවේ සංගීතයට, ඊට පස්සේ ක්ලැරන්ස් මහතා,රූකාන්ත අයියා, භාතිය සන්තුෂ් වගේ අය සංගීතයේ වෙනස්කම් ඇති කලා, නමුත් එතැනින් එහාට අද පරම්පරාව සිංදු කරන්නේ Ringing tone වලට දාන්න බලාගෙන, ඉතින් මම දකින්නේ එතැනින් එහාට අපේ පරම්පාරව හිතන්න ඕනේ, බලන්න කොලවරී ගීතය එහෙම මුළු ලෝකය පුරාම ජනප්‍රිය වුණානේ, ඉතින් එහෙම දෙයක් කරන්න වත් අපේ අය උනන්දුවක් නැහැ,
ඉරාජ් හිතන විදියට මොනවගේ තැන් ද වෙනස් වෙන්න ඕනේ ?
ඉස්සෙල්ලම අපි මේ ආසියාතික රටවල් ටිකට වත් ගීත කරන්න ඕනේ, හිතන්නකෝ මාලදිවයින, පාකිස්ථානය, බංගලාදේශය සහ දකුණු ඉන්දියාවට වගේ අහන්න පුළුවන් ගීත ටිකක් හදනවා නම්, ඒක තමා පළමු පියවර
Music Video
මම සිංදුව වගේම තමා Music Video එක ගැනත් වෙනස් විදියට අලුත් විදියට හිතනවා, පහු ගිය කාලේ මම කරපු "සිල් බිඳ ගත්ත" ගීතය ගැන ලොකුවට කතා කලා විවේචනය කලා නමුත් රටේ ජනගහණයෙන් හතරෙන් එකක් බලලා තියෙනවා, ඒ කියන්නේ YouTube එක හරහා විතරක් ලක්ෂ 55 ක් බලලා තියෙනවා, කොච්චර බැන්නත් 2016 අවුරුද්දේ වැඩියෙන්ම බලලා තියෙන ගීතය
කරපු ගීත අතරේ වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණු ගීතය මොකක් ද ?
මෙහෙමයි, මම කරලා තියෙනවා වෙනස් වෙනස් ගීත, ලංකාවේ අපේ කාන්තාවන්ට සවුදි ගිහින් වෙන දේවල් ගැන එතකොට පොලිසියෙන් වෙන දේවල් ගැන, තව මනුසතා කියලා ගීතයක් කලා සිංහල මුස්ලිම් අන්තවාදීන් ගැන, නමුත් එහෙම යම් පණිවිඩයක් දෙන Music Video ගැන වැඩි කතාවක් නැහැ, අපේ මිනිසුන්ට ඕනේ මොකක් හරි දෙයක් අල්ලාගෙන බැනලා ඒ මනුස්සයව වට්ටනවා මිසක් කව්රුත් කැමති නැහැ කෙනෙක් ඉදිරියට යනවට, මම ඒක දකින්නේ කුහක කමක් විදියට,නමුත් වෙන රටවල් එහෙම නැහැ එයාල හිතන්නේ ඔක්කොම එකතු වෙලා රටක් විදියට ඉස්සරහට යන්න,මේ රටේ එහෙම එකක් මම දකින්නේ නැහැ, ඔකොම තමන්ට කරගන්න තමා උත්සහ කරන්නේ
2017 අවුරුද්දේ බලාපොරොත්තු ?
ඔව් 2017 දී මගේ බලාපොරොත්තුවක් තියෙනවා Akon එක්ක සිංදුවක් කරන්න, දැනටමත් ඒක කතා කරලා තියෙන්නේ, තව ඉතින් ජාත්‍යන්තරයේ ඉන්න ලොකුම අය එක්ක වැඩ කරන්න මම බලාපොරොත්තු වෙනවා,
ජාත්‍යන්තරයත් එක්ක වැඩ කරද්දී කොහොමද ඉරාජ් ට ලැබෙන ප්‍රතිචාර
ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා, මගේ තියෙන ආසියාතික හඬට ගොඩක් කැමැතියි, ඒ වගේම තමා FB සහ YouTube හරහා ලොකු පිරිසක් ඉන්නවා, ඉතින් මේ ආසියාතික රටවල අය ඒවා ගැනත් ගොඩක් හිතනවා, ඉතින් එයාල කැමැතියි මා එක්ක වැඩ කරන්න
ඉරාජ් Gossip ගැන මොකද හිතන්නේ ?
ඒ ඉතින් පහර ගහන්න කරන දේවල්, මොකද අපි කියන දේ සම්පුර්ණයෙන් දාන්නේ නැහැ නේ, අපි කියන දෙයින් වචන දෙක තුනක් අල්ලාගෙන පහර ගහන්න කරන දේවල් තමා ඉතින් Gossip වලින් කරන්නේ, මම නම් ඒවා ගැන හිතන්න කාලය යොදවන්නේ නැහැ, මම මගේ ගමන යනවා, මොකද Ringing tone වලට ගීත කරලා ඒ හරහා මහා ගොඩාක් සල්ලි හම්බ කරගෙන කලාකාරයෙක් විදියට මැරිලා යන්න මට ඕනේ නැහැ.
අවසාන වශයෙන් කියන්න යමක් ඇති
මගේ Face Book Page එකක් තියෙනවා ඒක like කරලා අලුත් සිංදු තියෙනවා නම් මට එවන්න පුළුවන්, ඒ වගේම තමා අලුත් Music Video තියෙනවා නම් ඒවා වුනත් එවන්න පුළුවන්, මොනවා හරි අලුත් දෙයක් තියෙනවා නම් ඒවා වුනත් එවන්න පුළුවන් ඒ වගේම මගේ අලුත් නිර්මාණත් ඒ හරහා බලන්න පුළුවන්.
-අනුෂ්කා-
-
Category
Chatඑක -
Hits
4254 times