පුංචි කාලේ ඉඳන් එකම හීනයක් දැක්ක කෙනෙක් තමා රැෆෙල්ලා ප්‍රනාන්දු කියන්නේ, මොකද ඇයට ඕනේ වෙලා තිබ්බේ කවද හරි දවසක Fashion Designer කෙනෙක් වෙන්න, පුංචි කාලෙම හිත තුල ඇතිවුණු ආසාව යථාර්තයක් බවට පත් කරගන්න රැෆෙල්ලාට පුළුවන් කම ලැබෙනවා ඒ දේශීය මෙන්ම ජාත්‍යන්තරයද ජය ගනිමින්, අද වෙනවිට රැෆෙල්ලා ප්‍රනාන්දු කියන නම Fashion Design & photography කියන දෙඅංශයෙන්ම ජාත්‍යන්තරය ජය ගෙන තියෙනවා,
Fashion Design & photography තුලින් ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය රැෆෙල්ලා සමඟයි මේ කතාව ...
නම - රැෆෙල්ලා ප්‍රනාන්දු
පදිංචිය - කඳාන
ඉගෙන ගත්ත පාසැල - සෙන්ට් බ්‍රිජට් කොන්වන්ට්
පවුලේ විස්තර - අම්මයි තාත්තයි අක්කයි , තාත්තා ව්‍යාපාරික කටයුතු කරන්නේ,අම්මා ගෘහණියක්,
Fashion Designer වලට යොමු වෙන්නේ කොහොමද ?
මෙහෙමයි කුඩා කාලේ ඉඳන්ම මම කැමැත්තෙන් හිටියේ Fashion Designer කෙනෙක් වෙන්න ඕනේ කියල, ඉතින් මම පාසලේදී ත් Art විෂය ධාරාවන් තමා කලේ, ඊට පස්සේ මම ඕලෙවල් ඉවර වුන ගමන්ම ඉගෙන ගත්තේ Fashion Design ගැන
ඇයි මේ තරම් Fashion Designer කෙනෙක් වෙන්න ආස කලේ ?
මම හිතන්නේ ඒ ආසාව මට ඇතිවුණේ මගේ ආච්චිගෙන්, මොකද එයා අවුරුදු ගානක්ම ඉතාලි හිටියේ, ඉතින් එයා හරි ෆැෂන්, ඒ වගේම තමා එයා කරන ෆැෂන් අනිත් අයට වඩා වෙනස්, මම පුංචි කාලේ ඉඳන් දැක්කේ ඒවා, ඒ නිසා වෙන්න ඕනේ මට මේ ආසාව ඇති වුණේ
කොහොමද ගෙදරින් ලැබුණු සහයෝගය
ඇත්තටම ලොකු සහයෝගයක් මට ලබා දුන්නේ මගේ අම්මා තාත්තා, මොකද මම පොඩි කාලේ ඉඳන් ආස කලේ මේ දේට නිසා ඒ අය එයාලගේ වැඩකටයුතු පාඩු කරගෙන පවා මට ලොකු සහයෝගයක් ලබා දුන්නා
දැන් මේ Fashion Design ක්ෂේත්රයට ඇවිත් කොච්චර කාලයක් ද ?
අවුරුදු 10ක් වෙනවා,
මුලින්ම රැෆෙල්ලා Fashion Design කලේ ?
මුලින්ම මම කලේ 2007 දී නුවරඑළියේ තිබ්බ event එකකට, ඒක කලේ රොසෑන් ඩයස්, නුවරඑළියේ සීසන් එකට තියෙන event එකක් ඒක, ඊට පස්සේ මට දිගටම Fashion shows වලට Design කරන්න ලැබුණා, ඒ අතර දෙරණ මිස් ශ්‍රී ලංකා ඒකෙත් මම Fashion Design කලා
මුලින්ම International එකට Fashion Design කලේ මොකක් ද ?
ඉන්දියාවේ ගෝවා වලදී , එහිදී මම Fashion Design කලා මිස් ගෝවා වුණු swapna pujari ගේ looks 18 කින්, ඒක තමා මගේ මුල්ම International event එක
කොහොමද ලැබුණු ප්‍රතිචාර
ඉතාම ඉහළයි, මොකද මම Fashion Design & photography කියන දෙකම කලා, ඉන්දියාවේ අය ගොඩක් කැමති වුණා ගැහැණු ළමයෙක් මේ වගේ Fashion Design & photography කියන දෙකම කරපු එක ගැන, අනිත් එක මම looks 18 කින් කරපු නිසා ඒකත් විශේෂ දෙයක් වුණා.
එහිදී අමතක නොවන දේ ?
ගෝවා වල ප්‍රසිද්ධ Magazine එකක් තියෙනවා Planet goa කියල, එකේ මම කරපු Fashion Design එකෙන් cover page එක කලා, ඊට පස්සේ මට එයාලගේ ඒ Magazine එකේ මගේ article එකක් පවා කලා, ලංකාවේ කෙනෙක් ගේ පළමු වතාවට තමා ඒකේ article එකක් පවා ගියේ, ඉතින් ඒ වගේ ගොඩක් අත්දැකීම් මම ලැබුවා
ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා මිස් ඉන්දියා වුනු අනුෂ් මලික් ව සහ top model කෙනෙක් වන සනී මැන්ගෝකාල් ටත් Fashion Design කරන්න, ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා Italian Fashion Designer කෙනෙක් එක්ක වැඩ කරන්න, එයා ලංකාවට ඇවිත් shoot එකක් කලා ඒක මැලේසියාව, ඉතාලි ඇතුළු රටවල් හතක launch වුණා,
ඊට පස්සේ රැෆෙල්ලා සහභාගී වුණු events මොනවද ?
ඔව්, ගිය අවුරුද්දේ මම සහභාගී වුණා පැරිස් වල තිබ්බ sri lankan top model of the year එකේ Official Designer විදියට
ඊට පස්සේ මට Guest Designer විදියට ආරාධනා කරලා තිබ්බා මාලදිවයිනේ තිබ්බ Bride of Maldives එකට, ඒ වගේම Sri Lanka in Europe 2015 එකේ Evening Dress Design කලේ මම, ඒ වගේම මට අවස්ථාව ලැබුණා 69 වැනි කෑන්ස් film festival එකට සහභාගී වන VIP කෙන්ක්ට ඇඳුමක් කරන්න,
ඒ විතරක් නෙවෙයි ලංකාවේ ඉන්න Fashion Designer ලට නොලැබුණු අවස්ථා කිහිපයක්ම මට ලැබුණා, ඒ අතර ප්‍රින්ස් චාල්ස් ගේ 41 වෙනි ඇනිවසරි එක වෙනුවෙන් එහෙ කරන London fashion week show එකට මට අවස්ථාව ලැබුණා ලංකාවේ කෙනෙක්ට පළමු වතාවට තමා මේ අවස්ථාව ලැබුණේ, ඒක මට ලොකු දෙයක් මගේ මේ ගමන යන්න
ලැබුණු ජයග්‍රහණ ගැන කතා කලොත් ?
මේ අවුරුද්දේ New York Fashion Awards වල Fashion photography පැත්තෙන් semi final වෙනකම් ආවා, Beffta Uk Awards වල photography වලින් රටවල් රැසක තරගකරුවන් 310 කින් මුල් 10 දෙනා අතරට එන්න පුළුවන් වුණා, තව මේ සැරේ තියෙන Asian Awards වලට nominate වෙලා තියෙනවා, ඒක දෙසැම්බර් අන්තිම එද්දී ඒක තියෙන්නේ,
දැන් මේ Fashion Design කියන ක්ෂේත්රය රැෆෙල්ලා කොහොමද දකින්නේ ?
මම මේ ක්ෂේත්රයට එද්දී Fashion Designer ලා හිටියේ නැහැ, කිහිප දෙනෙක් විතරයි හිටියේ අද වෙනකොට නම් ඒක වෙනස්, ගොඩක් දෙනා ඇවිත් ඉන්නවා මේ ක්ෂේත්රයට,
අභියෝගයක් වුණු අවස්ථා මොනවා ද ?
International event වලට සහභාගී වෙනවා කියන්නේ එක අතකින් අභියෝගයක් තමා, මොකද අපේ රටට මේ Fashion Design කියන දේ අලුත් නිසා, අපි හැම වෙලාවෙම අලුත් දෙයක් කරන්න ඕනේ හොඳට හිතල බලලා, වෙන රටවල් වලට ඒ අත්දැකීම තියෙනවා ඒ නිසා ඒ අයට ඒ තරම් ලොකු දෙයක් නොවන තැන් වලදීත් අපිට ඒක අභියෝගයක් වුණු අවස්ථා වැඩියි
එදාට වඩා අද ලංකාවේ Fashion Design වලට පිරිස උනන්දුවක් තියෙනවද ?
අනිවාර්යෙන්ම එදාට වඩා වෙනස්, මම මේ ක්ෂේත්රයට මීට වසර 10කට කලින් එද්දී ගොඩක් වෙලාවට තිබ්බේ කඩේ මහල තියෙන ඇඳුමක් මිලදී අරගෙන අඳින එක, නමුත් අද ඒක වෙනස් වෙලා තියෙනවා ගොඩක් වෙලාවට එකිනෙකට වෙනස් තමන්ටම ගැලපෙන ඇඳුමක් නිර්මාණය කරගෙන අඳින්න තමා කැමති, ඒ හරහා දැන් 80 5ක් වගේ පෙළඹිලා ඉන්නේ Fashion Designers ලා හරහා තමන්ට ඕනේ ඇඳුම නිර්මාණය කරගන්න
Fashion Design & photography වලින් තියෙන අත්දැකීම් එක්ක ඇකඩමි එකක් කරන්න අදහසක් නැද්ද ?
මම කලින් ෆැෂන් ලෙක්චර් කලා, ඊට පස්සේ නිතර විදෙස් ගත වෙන්න සිද්ධ වෙන නිසා, ඉන් ඈත් වුණා නමුත් ආයේ පටන් ගන්න අදහසක් තියෙනවා, මොකද මේ Fashion Design & photography කියන්නේ ලෙක්චර් වලට සීමා වුනු දෙයක් නෙවෙයි, මේ දේවල් ප්‍රායෝගිකව කරන්න අවස්ථාව ලැබෙන්න ඕනේ, දැන් මේ Fashion Design & photography ගැන උගන්වන තැන් එදාට වඩා තියෙනවා නමුත් ප්‍රායෝගිකව හදාරන්න තැන් අඩුයි , ඒ නිසා මම හිතාගෙන ඉන්නවා මේ ලැබුණු අත්දැකීම් එක්ක ප්‍රායෝගිකව Fashion Design & photography ගැන හදාරන්න තැනක් පටන් ගන්න, ඒ දේ ඉදිරියේදී අනිවාර්යෙන්ම මම කරන දෙයක්
ඉදිරි වැඩ කටයුතු මොනවද ?
ඔව් අලුත් චිත්‍රපටයක් කරන්න ඉන්නේ ලක්ෂාන් එදිරිසිංහ ඒක නම් කරලා තියෙන්නේ LOVE IN PARIS, ඒකේ රූගත කිරීම් පටන් ගන්න ඉන්නේ පැරිස් වල, එහි වැඩ කරන්න මට කතා කලා,ඒක වෙනස් අත්දැකීමක් වෙයි,
අනුෂා රණසිංහ