-Rashmika Mandawala-
1937 ස්පාඤ්ඤ සිවිල් යුද්ධයෙදි සනයිපර් වෙඩික්කරුවෙක් ජෝර්ජ් ඔවෙල්ගෙ (George owell) බෙල්ලට වෙඩිල්ලක් තිබ්බා.
ඒ උණ්ඩය ඔහුගේ ප්‍රධාන ධමනියට මිලිමීටර් කිහිපයක් එහායින් ගමන් කළා. ඔහු බිම ඇද වැටුණේ හුස්ම හිරවෙමින්. තමන් මැරෙන්න යන බව ඔහුට ස්ථිර වුණා. ඒ රට හෝ කීර්තිය වෙනුවෙන් නෙමෙයි සත්‍යය වෙනුවෙන්.
ඒ මොහොත ඔහුව සදහටම වෙනස් කළා. ඔහු ස්පාඤ්ඤයට ගියේ පැසිස්ට්වාදයට විරුද්ධව සටන් කරන්න. ඒත් ඔහුට දෙපැත්තෙම පාවාදීම්, වාරණය කිරීම් සහ ප්‍රොපගැන්ඩා දකින්න ලැබුණා. ඔහු දැක්කා යුක්තියේ නාමයෙන් මිනිස්සු බිම වැතිරිලා ඉන්න විදිය, ඒ වගේම සත්‍යය අතුරුදහන් වෙනකන්ම පුවත්පත් කරුණු වෙනස් කරන විදිය.
ඉංග්‍රීසි ලේඛක, මාධ්‍යවේදී, විචාරක ජෝර්ජ් ඔවෙල්ගේ (George owell) ඡායාරූපයක්
ඔහු සුවය ලැබුවට පස්සෙ පවා මේ කළැල් ඔහුගෙ ජීවිත කාලය පුරාම ඔහු සමඟම එකට ගමන් කළේ මිනිස් සිරුර සහ අවංකභාවය කෙතරම් තුනී සහ බිඳෙනසුළු එකක්ද කියන කාරණය මතක් කරවමින්.
ඔහු ලියපු හැම වචනයකම ඒක මිශ්‍ර වෙලා තිබුණා.
'Animal Farm'කෘතියේදී විප්ලවයන් කුරිරු පාලනයන් බවට පත්වෙන ආකාරය ඔහු හෙළි කළා.

'1984' කෘතියේදී ඔහු බරපතලම අනතුරු හැඟවීම ඔහු ලෝකයට කළා. ඒ තමයි සත්‍යය විනාශ කළ හැකි බව, නැවත ලිවිය හැකි බව සහ බලය ඇති අයට එය ප්‍රතිස්ථාපනය කළ හැකි බව.
ජෝර්ජ් ඔවෙල්(George owell) විසින් රචිත '1984' කෘතිය
ඒත් ඔවෙල්ගේ විශිෂ්ටත්වය ඉපදුණේ න්‍යාය හෝ දේශපාලනය තුළ නෙමෙයි දුප්පත්කම සහ වේදනාව තුළයි. ඔහු පැරීසියේ මුළුතැන්ගෙවල්වල බිම පිරිමැද්දා. වැඩකරන ජනතාව ගැන අවබෝධ කරගන්න ඔහු උතුරු එංගලන්තයේ ගල් අඟුරු පතල්කරුවන් සමඟ වාසය කළා. ඔහු ලන්ඩනයේ පටුමඟවල් පුරා අන් අයට නොපෙනී, කුසගින්නේ ගමන් කරමින් අමතක වූ අයට සමාජය සලකන ආකාරය දැක බලාගත්තා.
ලිවීම වෘත්තියක් නොව සදාචාරාත්මක ක්‍රියාවක් බව ඔහු විශ්වාස කළා. “මුලාවෙන් පිරුණු සමයක සත්‍යය පැවසීම පවා විප්ලවකාරී ක්‍රියාවක්,” බව ඔහු පැවසුවා.
'1984' පොත ලියන අතරේදි ඔහු ස්කොට්ලන්තයේ සීතල දූපතක නිදි නැති රාත්‍රීන් පුරා ලේ පනින කැස්සෙන් පීඩා විඳිමින් ක්ෂය රෝගයෙන් මිය යමින් සිටියා. විවේක ගන්නා ලෙස මිතුරන් ඔහුට ආයාචනා කළා. එහෙත් ඔහු විවේකයක් ගත්තේ නැහැ. ඔහුගේ හඬ මැකී යන්න කලින් ඔහුට තවත් සත්‍යයක් පවසන්නට තිබෙන බව ඔහු පැවසුවා.
අවසානයේ ඔහුගේ හඩ මැකී යන විට ඔහු නවකතාවලට වඩා වැඩි යමක් ඉතිරි කරලා ගියා. තවමත් අපේ ලෝකය ඉතා පැහැදිලිව පිළිඹිඹු කරන දර්පනයක් ඔහු තියලා ගියා.
ඔහු පීඩාව ගැන ලිව්වා විතරක්ම නෙමෙයි.
ඔහු ඒ පීඩාව තුළ ජීවත් වුණා.
ඔහු ඒ පීඩාව තුළ පණ ගැට ගහගත්තා.
ඔහුගේ බෙල්ලේ කැළල සහ දැවෙන වචනවලින් අපිට කවදාවත් අනතුරු ඇඟෙන්නේ නැහැ කියන්න බැරි බව ඔහු සහතික කළා.

සටහන - රශ්මික මණ්ඩාවල
(මෙම සටහන 'Rashmika Mandawala' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)



