lan englan tam

විශේෂාංග

සිංහල සිනමාවරණය - 2025, හිතට දැනුන වැදුන තැන්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Lakmina Ranasinghe-

2025 දි ආපු සිංහල ෆිල්ම්ස් සෙට් එකෙන්, මගේ හිතට තදින්ම දැනුන-වැදුන, මගේ රසයට අනුව හොඳයි කියලා හිතෙන දේවල් කිහිපයක් ගැන මම කියන්නම්. 2025 “හොඳම ෆිල්ම් එක” ගැන වෙනමම කතා කරන්න ඕන නිසා ඒක ගැන මම මෙතන කියලා නෑ. මට අනුව;

 

1. හොඳම අධ්‍යක්ෂණය

  • ආයු - චත්‍ර වීරමන්
  • වාලම්පුරි - ලක්මාල් ධර්මරත්න
  • නෙළුම් කුළුණ - ඉලංගො රාම්

 

2. හොඳම ප්ලොට්

  • ආයු - සමන් වීරමන්
  • නෙළුම් කුළුණ - ඉලංගො රාම්
  • මාරියා - අරුණ ජයවර්ධන

 

3. හොඳම දෙබස්

  • ආයු - චත්‍ර / ශක්ති
  • නෙළුම් කුළුණ - ඉලංගො
  • වාලම්පුරි - ලක්මාල්

 

4. හොඳම තිර රචනා

  • ආයු - චත්‍ර වීරමන් / ශක්ති වීරසිංහ
  • නෙළුම් කුළුණ - ඉලංගො රාම්
  • වාලම්පුරි - ලක්මාල් ධර්මරත්න

 

5. හොඳම ජනප්‍රියවාදී නිර්මාණ

  • මෝඩ තරිඳු - තිසර ඉඹුලාන / විලා19
  • ක්ලැරන්ස් - තේජා ඉද්දමල්ගොඩ / තුසිත විජයසේන
  • නීරා - වාසව බදුගේ / ලලින්ද / හිරුනි

 

6. හොඳම නළුනිළිවරණය (Casting)

  • නෙළුම් කුළුණ
  • මාරියා
  • වාලම්පුරි

 

7. හොඳටම චරිත කරපු නළුවො

  • නෙළුම් කුළුණ - අයියා - ප්‍රියන්ත සිරිකුමාර
  • මාරියා - බෙනට් - ප්‍රියන්ත සිරිකුමාර
  • ආයු - සචින් - ජගත් මනුවර්ණ
  • වාලම්පුරි - සිඩ්නි - ප්‍රියන්ත සිරිකුමාර
  • මාරියා - ඔස්කා - දර්ශන් ධර්මරාජ්
  • වාලම්පුරි - සාමි - දර්ශන් ධර්මරාජ්*

 

*ඇකඩමික් හෙවත් ඔස්කා සම්මාන රෙගුලාසි මාලාවේ 7වෙනි පිටුවේ ප්‍රධාන සහ සහාය චරිත සම්බන්ධ 6 වන නීති මාලාවේ, 3 වන නිර්ණායකයේ මෙහෙම කියනවා:-

“A performance by an actor or actress in any role shall be eligible for nomination either for the leading role or supporting role categories. If, however, all the dialogue has been dubbed by another actor, the performance shall not be eligible for awards consideration”

ඔස්කා සම්ප්‍රදාය සහ ඔස්කා නීති අනුව හිතුවොත්, වාලම්පුරි ෆිල්ම එකේ සාමිගේ චරිතය දර්ශන් ධර්මරාජ් මොනතරම් හොඳට රඟපාලා තිබ්බත්, ඔහුට හඬකවලා තියෙන්නෙ වෙන ශිල්පියෙක් නිසා දර්ශන්ව හොඳම නළුවා හෝ හොඳම සහය නළුවා අංශවලට නම් කරන්න බෑ.

ඒත් මම මේ කරන්නෙ මට දැනුන විදිහට අදහසක් පළකරන එක නිසා ඔස්කා සම්ප්‍රදාය ඇතුළු නළුනිළිවරණ තාක්ෂණික කාරණා අමතක කරලා දර්ශන්ගේ නමත් මම මේකට ඇතුළත් කළා.

 

8. හොඳටම චරිත කරපු නිළියො

  • නෙළුම් කුළුණ - කමලා - චාන්දනී සෙනවිරත්න
  • නෙළුම් කුළුණ - අම්මා - කෞශල්‍යා ප්‍රනාන්දු
  • නීරා - ප්‍රනීති - ශනුද්‍රි ප්‍රියසාද්
  • රාණි - ස්වර්ණා මල්ලවාරච්චි

 

9. හොඳම චරිත කරපු සහය නළුවො

  • මෝඩ තරිඳු - දිනුක - සේවියර් කණිෂ්ක
  • ආයු - සිරිල් - ප්‍රියන්ත සිරිකුමාර
  • රාණි - කරූ - මයුර පෙරේරා
  • වාලම්පුරි - නිමලසිරි - සරත් කොතලාවල
  • ආයු - සුදා - නලින් ලුසේනා

 

10. හොඳටම චරිත කරපු සහය නිළියො

  • රාණි - රිතිකා කොඩිතුවක්කු
  • ක්ලැරන්ස් - ඉන්ද්‍රාණි - දිනක්ෂි‍ ප්‍රියසාද්
  • නෙළුම් කුළුණ - ලේලි 2 - ආලෝකා ගයත්‍රි
  • නෙළුම් කුළුණ - ලේලි 1 - සුලෝචනා වීරසිංහ

 

11. හොඳම කැමරාකරණයන්

  • ආයු - කාලිංග දේශප්‍රිය
  • වාලම්පුරි - කාලිංග දේශප්‍රිය / දිමුතු කාලිංග
  • ක්ලැරන්ස් - රුවන් කොස්තා

 

12. හොඳම කලා අධ්‍යක්ෂණයන්

  • ආයු - බිමල් දුෂ්මන්ත
  • ක්ලැරන්ස් - මංජුල අයගම
  • වාලම්පුරි - නුවන් සනුරංඛ

 

13. හොඳම ඇඳුම් නිර්මාණය සහ භාවිතය

  • ක්ලැරන්ස් - ලසන්ත උඩුකුඹුර
  • මාරියා - සුනිල් ප්‍රේමරත්න

 

14. හොඳම ඔරිජිනල් සංගීත නිර්මාණ

  • වාලම්පුරි - චින්තක ජයකොඩි
  • මෝඩ තරිඳු - දිනේෂ් ගමගේ
  • නීරා - යසස් මැදගෙදර

 

15. හොඳම පදරචනා

  • වාලම්පුරි - බඹරු අඬන්නා - ජන කවි (ලකා)
  • Mother Lanka - ඇහි කූඩයෙන් දිය සින්දා - අභිෂේකා විමලවීර
  • ක්ලැරන්ස් - සඳ එක් දිනක් - ක්ලැරන්ස් විජේවර්ධන

 

16. හොඳම ගායනාවන් (ගායක/ගායිකා)

  • ක්ලැරන්ස් - අම්මා - උරේෂා රවිහාරි
  • Mother Lanka - ඇහි කූඩයෙන් දිය සින්දා - අභිෂේකා විමලවීර
  • වාලම්පුරි - බඹරු අඬන්නා - දිනේන්ද්‍ර ජයවීර බණ්ඩාර
  • ක්ලැරන්ස් - දෑස පියාගත් කළ - සජිත අනුත්තර
  • ක්ලැරන්ස් - මෑණියනී - සුරේෂ් මාලියැද්ද

 

17. හොඳම සින්දු‍

  • නීරා - එහෙම බැලුවාම මාගේ දිහා (යසස්/ශෙහාන්)
  • වාලම්පුරි - බඹරු අඩන්නා (දිනේන්ද්‍ර/චින්තන)
  • ක්ලැරන්ස් - සුරඟන වෙස් වලා (උරේෂා/සුරේෂ්/ක්ලැරන්ස්/K.D.K. ධර්මවර්ධන)

 

18. හොඳම සංශිප්තකරණයන් (Narratively Tight)

(මේ කියන්නෙ සංස්කරණය ගැන නෙමෙයි. ෆිල්ම් එකේ අනවශ්‍ය කොටස් හැමදේම අයින් කරලා, අත්‍යාවශ්‍යම සිද්ධි සහ රූපරාමු විතරක් පෙරාපු රත්තරන් වගේ හොඳටම තෝරලා බේරලා ගත්ත හැටි තමයි මම මෙතෙන්දි බැලුවෙ).

  • මාරියා
  • රාණි

 

19. හොඳම අලුත් සිනමා නිළියො

  • සූර්යා / ක්ලැරන්ස් - නිහාරි පෙරේරා
  • ආයු - නිෂ්මි - සැන්ඩ්‍රා මැක්
  • මෝඩ තරිඳු - සොෆියා - ශෙහානි කහඳවල

 

20. හොඳම නාම නිර්මාණයන් (ටයිට්ල් ඩිසයින්)

  • රාණි

 

21. හොඳම ප්‍රමෝෂන් කැම්පේන්

  • රාණි
  • වාලම්පුරි
  • නීරා

 

22. හොඳම ට්‍රේලර්

  • රාණි
  • වාලම්පුරි
  • අයිස් ක්‍රීම්

 

23. මීට අමතරව 2025 සිනමාවේ සුපිරියටම හයිලයිට් වුන අය!!

මෝඩ තරිඳු සහ නීරා - නර්ථන නිර්මාණය - ‘කවිඳු මධුෂාන්’

ආයු - ළමා රංගනය - ‘කෙනාරා වීරතුංග’

නීරා සහ මෝඩ තරිඳු - රංගනය සහ නර්ථනය, මෝඩ තරිඳු කෙහෙරැල්ලේ ගීතය ගායනය - ‘ශනුද්‍රි ප්‍රියසාද්’

ආයු - ළමා චරිත අධ්‍යක්ෂණය - ‘චත්‍ර වීරමන්’

ක්ලැරන්ස් - 60,70,80 දශක ඒ ආකාරයෙන්ම නොව, නූතන සිනමා තිරයටත්, ප්‍රේක්ෂක ඇසටත් ගැළපෙන ලෙස සහ බෝරිං නොවන ලෙස සිනමාත්මකව ප්‍රතිර්මාණය කිරීම - ‘තේජා ඉද්දමල්ගොඩ ඇතුළු කණ්ඩායම’

නෙළුම් කුළුණ - ජාත්‍යන්තර ඇගයීමට ලක්වීම - ‘හිරන්‍යා පෙරේරා’

ආයු - න්‍යායාත්මක සිනමා සංගීතය සාර්ථකව නිර්මාණය - ‘මිලින්ද තෙන්නකෝන්’

අංගරචනය, සටන් අධ්‍යක්ෂණය, විශේෂ ප්‍රයෝග, නවක නළුවො, ශබ්ද පරිපාලනය, ශබ්ද සංයෝජනය, වර්ණ සංයෝජනය, සංස්කරණය සහ තවත් ගොඩක් පැතිවලින් හොඳටම කරපුවා ‍හරියටම බලන්න නම් 2025 ෆිල්ම්ස් සෙට් එක තව දෙතුන්පාරක් බලන්නම වෙනවා. එහෙම බැලුවත්! වර්ණ සංයෝජනය සහ තවත් අංශ ගැන හරි අදහසක් ගන්න නම් ලොවෙත් බැරිවෙයි. එකම ෆිල්ම් එක මම ෆිල්ම් හෝල් තුනකින් බලද්දි (තරංගනී, PVR, සැවෝයි ප්‍රීමියර්) වර්ණ සංයෝජන ජාති 3 ක්, හඬ සංයෝග ජාති 3 ක් මම දැක්කා සහ ඇහුවා. අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති තමයි ඉතිං.

මම මේ කියපු දේවල්වලට වඩා වෙනස් අදහස් ඔබට අනිවාර්යෙන්ම තියනවා. ඒ වෙනස් අදහස්වලට මම 1000%ක් ගරු කරනවා. ඒ අදහස් මොනාද කියලා දැන් කමෙන්ට් කරන්න. මම මෙතන කියලා නැති, සමස්තයක් විදිහට හොඳම ෆිල්ම් එක, දෙක සහ තුන මොකද්ද කියලත් කමෙන්ට් කරන්න.

 

සටහන - ලක්මිණ රණසිංහ

මාධ්‍ය හා නිර්මාණ විශ්ලේෂක

(creative group head publicis srilanka)

(මෙම සටහන Lakmina Ranasinghe ෆේස්බුක් පිටුව ඇසුරිනි.

kemadasa

Back to top
Go to bottom