lan englan tam

විශේෂාංග

යළි ජීවමාන වන මිල්ටන් ගී නද...

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Anton J. Fernando-

මෙරට සංගීත ඉතිහාසයේ අතිශය ආදරණීය හඬ පෞරුෂයක් ලෙස සැලකෙන, දක්ෂ මෙන්ම ජනප්‍රසාදය නොඅඩුව දිනාගත් ජනතා ගායකයෙකු වූ මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවන ගමන් මග සංගීතවත්ව දිගහරිනු ලබන, ඓතිහාසික නිර්මාණයකි " එදා රෑ " චිත්‍රපටය.

618772509 1442689714087364 2275541443003514961 n 1

 

විරහ ගීතයේ කිරුළු පැළඳි කුමාරයා යන අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ මිල්ටන් තමා ජීවත් වූ කාලය අභිබවා, තම මධුර ස්වරයන් පරම්පරා ගණනාවක් සම්බන්ධ කරමින් මිලියන ගණනක් හදවත් ස්පර්ශ කළ අතර, සිංහල සංගීතයේ ස්වර්ණමය යුගය හැඩගැන්වීමටද මහත් දායකත්වයක් ලබාදී ඇත. උද්යෝගය, අඛණ්ඩ උත්සාහය සහ කලාත්මකත්වයෙන් පිරි ඔහුගේ ජීවිත කතාව, ඔහුගේ සංගීතප්‍රභාවය පමණක් නොව, මානව ආත්මයද සමරන සිනමා පටයක් ලෙස මෙම නිර්මාණය ප්‍රේක්ෂකයා අතරට පත්වීමට නියමිතව ඇත.

මිල්ටන් මල්ලවාරච්චි විසින් දේශීය සංගීතයට ලබාදුන් පුළුල් දායකත්වය අගයා නිම කළ නොහැකි මට්ටමක පවතී. 1960 දශකයේ සිට 1990 දශකය දක්වා විහිදී ගිය ඔහුගේ සංගීත ජීවිතය තුළ, ඔහු ගීත අටසිය පනහකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර, එම ගී අතරින් බොහෝ ගීත අදටත් අමරණිය කලාකෘති ලෙස ජනහදවත් තුළ නොනැසී රඳා පවතී. එදා රෑ, මධු මල ලෙස , මේ මැයි ගහ යට, ඔරුවක පාවෙන , කඳු පාර ඈත අයිනේ වැනි ගීත , ඔහුගේ විරහාත්මක නිවුනු කටහඬින් - ප්‍රේමය, බලාපොරොත්තුව සහ සංවේදනය නිරූපණය කළ නිර්මාණ බවට පත්වී ඇත. සංගීතයෙන් ඔබ්බට, මිල්ටන්ගේ ජිවිත ගමන යනු පුද්ගලික කැප කිරීම්, සමාජ අපේක්ෂාවන් සහ මෙරට විනෝදාස්වාද කර්මාන්තයේ වේගයෙන් වෙනස් වන පරිසරය අතර කලාකරුවෙකු මුහුණ දෙන අභියෝගයන්ගේ ප්‍රතිබිම්බයකි.

මෙම චිත්‍රපටය තුළ මිල්ටන්ගේ ජීවිතයේ මුල් අවධිය , ජන ප්‍රසාදය හිමිකර ගැනීම දක්වා පැමිණි ගමන් මග , ඔහුගේ සෘජු හා නිර්මාණාත්මක සහයෝගීතා, සහ ජනප්‍රියත්වය පිටුපස සැඟවුණු අභ්‍යන්තර අරගල මෙම නිර්මාණයේදී විමර්ශනයට ලක්කර ඇත. එහිදී සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෙකුගේ ජයග්‍රහණයන් පමණක් නොව, සංගීතය සඳහා ජිවිතය කැප කළ ස්වාමිපුරුෂයෙකු , ආදරණීය පියෙකු සහ සිහිනයක් පසුපස හඹාගිය ධෛර්යමත් මිනිසෙකුගේ සූක්ෂම අවස්ථාවන් ද මෙහිදී නිරූපණය කරනු ඇත.

 

EDA RAAA ANTON INTRIDUCTION" එදා රෑ " චිත්‍රපටයේ පෝස්ටරයක්

 

ආකර්ෂණීය දෘශ්‍ය රූපණය, ශක්තිමත් හා ළයාන්විත කතා නිරූපණය මෙන්ම ඔහුගේ අතිශයින්ම පෙම් සිත් සොරාගත් අමිල වූ සුන්දර ගීත මත ගොඩ නැගුණු සංගීත පසුබිමක් හරහා, මෙම චිත්‍රපටය තුලින් නව පරපුරට මිල්ටන් මල්ලවාරච්චි නැවත හඳුන්වා දීමත්, ඔහුගේ සංගීතය සමඟ රැඳුණු බැඳුණු පැරණි පරම්පරාවට ඔහුගේ මතකය සුරක්ෂිත කර තැබීමත් මෙමගින් අරමුණු කරණ අතර, මෙය, හෙළ සංගීත ආත්මය තුළ සදාතනිකව නාද වන ඔහුගේ මධුර ස්වරයන්ට ගෞරවයක් සේම , ඔහුව සෙනෙහසින් සමරන සංගීතාත්මක උපහාරයක් ද වනු ඇත.

ධම්මික සල්වතුර ලියු කතාවට අනුව , සුනෙත් මාලිංග ලොකුහේවා සමගින් ප්‍රියනාත් විදානපතිරණ එක්ව ලියූ " එදා රෑ " තිර පිටපත අරුණ ජයවර්ධන අධ්‍යක්‍ෂණය කර ඇති අතර,

One Line Production & Entertainment Private Limited වෙනුවෙන් , රනිල් මල්ලවාරච්චි , ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු සහ චමක මංජුල විසින් නිෂ්පාදනය කර ඇත. මෙහි ප්‍රධාන රංගන ශිල්පීන් 50 දෙනෙකු සහ අමතර රංගන ශිල්පීන් 1200 කට ආසන්න ප්‍රමාණය රංගනයේ නියැළෙන අතර , ජනහදවත් තුළ රැව් පිළිරැව්දී නිදන්ගත මිල්ටන් ගැයු ගීත 26 ක් ද මෙයට අන්තර්ගතව ඇත.

 

milton" එදා රෑ " චිත්‍රපටයේ මිල්ටන් මල්ලවාරච්චිගේ චරිතය නිරූපණය කරන්නේ  රොෂාන් රවීන්ද්‍ර විසිනි

 

රොෂාන් රවින්ද්‍ර ,ශේෂාද්‍රි ප්‍රියසාද් , දුලංජන දිල්ෂාන් , නෙත්මි රොෂෙල් , විශ්ව කොඩිකාර , උදිත් අබේරත්න, අමිත්ත වීරසිංහ, දිනෙත් ද සිල්වා, දිලීප අබේසේකර, ඉශාන් මෙන්ඩිස්, ධර්මප්‍රිය ඩයස් , දිනිති වල්ගම , චින්තක කුලතුංග, අනුරුද්ධිකා පාදුක්කගේ , ෆර්ණි රෝෂණී , සප්නා පාදුක්ක , රොෂාන් රණවන , සාරංග දිසාසේකර , නිහාරි පෙරේරා , පියුමාලි එදිරිසිංහ, සෙනාලි පොන්සේකා, ප්‍රසන්න දැකුම්පිටිය , සුරන් දසනායක , ජනිත් වික්‍රමගේ, හිමාලි සිරිවර්ධන , මයුර කාංචන ,කලණ ගුණසේකර , නයෝමි පෙරේරා , ජෙහාන් අප්පුහාමි, ආචාර්ය සෙනේෂ් දිසානායක , බියංකා අමරසිංහ ඇතුළු ජනප්‍රිය නළු නිළියන් විශාල පිරිසක් ඒ අතර වේ.

චන්න දේශප්‍රියගේ කැමරා අධ්‍යක්‍ෂණයෙන් ද , සුරේෂ් මාලියද්ද පසුබිම් සංගීත හා ගීත නිර්මාණයෙන් ද , තරිඳු ආරච්චිගේ සහය අධ්‍යක්ෂණයෙන් ද , අකුරම්බොඩ පියතිස්ස කලා අධ්‍යක්ෂණයෙන් ද , පවිත්‍රා අබේසිංහ ඇඳුම් නිර්මාණයෙන් ද , සශින් ගිම්හාන් පෙරේරා ශබ්ද සැලසුම්කරණයෙන් ද , සංක අබේසිංහ නර්තන අධ්‍යක්ෂණයෙන් ද , සුනෙත් මාලිංග ලොකු හේවා නිර්මාණ සැලසුම්කරණයෙන් ද , සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් ශාන් අල්විස් ද , ගීත ගායනයෙන් රනිල් මල්ලවාරච්චි , පවන් මල්ලවාරච්චි , සමිතා මුදුන්කොටුව සමගින් උරේෂා රවිහාරි ද , නිෂ්පාදන කළමනාකරණයෙන් තරිඳු දිල්හාර ,අංග රචනයෙන් බුවනෙක රණවක , නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් චාමින්ද රත්නසූරිය , නිශ්චල ඡායාරූපකරණයෙන් ඉන්දික මල්ලවාරච්චි " එදා රෑ " සිනමා නිර්මාණය සඳහා දායකත්වය දක්වා ඇත.

 

475839834 3036773783141104 5238055962928751274 n

සටහන - ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

( මෙම සටහන 'Anton J. Fernando' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී) 

kemadasa

Back to top
Go to bottom