lan englan tam

විශේෂාංග

ඇඹරැල්ලා ජූස් එකේ සිනමැටික් සුරතාන්තය!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Lakmina Ranasinghe-

මහා සිනමා ව්‍යාකරණ, සිනමා ආඛ්‍යාන, ප්‍රපංච, ප්‍රභව, ගර්භාෂ, අභිධර්ම, ප්‍රභාසංස්ලේෂණ, භෞමික අඛණ්ඩතා වගේ බරපතල සිනමාත්මක බයිලා 'මලකි දුවේ නුඹ' ෆිල්ම් එකේ නෑ මිත්‍රයා. මේක හරිම ස්මූත් ඩිරෙක්ටස්ලා දෙන්නෙක්ගෙ (කල්පන & Vindana Ariyawansa) ස්මූත් ෆිල්ම් එකක්.

 

 

අපේ ජීවිත කාලෙදි අපි ටෙම්පරි සම්බන්දතා ගොඩක් ඇතිකරගන්නවා. පර්මනන්ට් කියලා හිතුවට ඒවා පට්ට ටෙම්පරි. ඒත් මේ ටෙම්පරි ලෝකෙ පර්මනන්ට් සම්බන්ධතාත් තියනවා. අම්මා සහ දුව අතර තියෙන්නෙ පර්මනන්ට් බ‍යොලොජිකල් සම්බන්ධයක්. ඒක පෙකණිවැල කැපුවට වෙන් වෙන්‌නෙ නෑ. ඒත් නානාප්‍රකාර සමාජ සංස්කෘතික හේතු නිසා මේ බයලොජිකල් සම්බන්ධය පොඩ්ඩක් ඩාම් - ඩූම් වෙන්න පුළුවන්. ඔන්න ඔය ගැන තමයි මලකි දුවේ නුඹ ෆිල්ම් එකෙන් කියන්නෙ. මේක මානව සම්බන්ධතාවල ගැඹුර ගැන හරිම සරල විදිහට, පැණි රහට ලියපු-හදපු ෆිල්ම් එකක්. අන්න ඒක තමයි ‍මලකි දුවේ නුඹ ෆිල්ම් එකේ මැජික් එක.

  MV5BNGMzNDViZmItZjEyYi00MWIzLWExOGEtNDkwNTAwNGZjNTU3XkEyXkFqcGc. V1 1

 

මේ යාන්ත්‍රික ලෝකෙ අපි රොබෝලා නෙමෙයි, අපි 'මිනිස්සු' කියලා මතක් කරලා දෙන ඉමෝෂනල් ට්‍රිප් එකක් යන්න පුළුවන් පොයින්ට්ස් ගොඩක් මේ ෆිල්ම් එකේ තියනවා. මේ හින්දා, මලකි දුවේ නුඹ කියන්නෙ Gen Z එකට බය නැතුව පෙන්නන්න පුළුවන් ඉමෝෂනල් රහක් තියන updated කවියක් වගේ හදවත නළවන කතාවක්.

නූතන මාදිලියේ සංකීර්ණ මානව සම්බන්ධතා ගැන Gen Z පරපුර හිතන විදිහ ගැන මලකි දුවේ නුඹ ෆිල්ම් එකෙන් පරිස්සමට සහ ලස්සනට ක්‍රාෆ්ට් කරලා අපිට පෙන්නනවා. ඒ වගේම Gen Z පරපුරට සෝෂල් මීඩියා බලපාන හැටි ගැනත් මේ ෆිල්ම් එකේ තියනවා.

 

malaki duwe numba image

 

ඕන කෙනෙක්ට මේ ෆිල්ම් එකට ලේසියෙන් කනෙක්ට් වෙන්න පුළුවන් නිසා දෙමව්පියන් දරුවන් විතරක් නෙමෙයි.., ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු සමාජයේ හැමෝම මේක බලන්නම ඕනෙ.

මේ ෆිල්ම් එක රසම රස 'ඇඹරැල්ලා ජූස්' එකක් වගේ අපිට විඳින්න පුළුවන් මිත්‍රයා. 'ඇඹරැල්ලා ජූස්' එකක් වගේ කියලා මම කිව්වෙ ලොකු හේතුවක් ඇතුව. මේ ෆිල්ම් එකේ තියන ඇඹරැල්ලා ජූස් එක තමයි අන්තිමේදි අපිව විශ්මිත සිනමැටික් සුරතාන්තයකට පත් කරන්නෙ.

 

Malaki Duwe numba rrrrrr w

 

ෆොන්සේකා පරපුරේ රංගන ජානවල විශිෂ්ටත්වය මේ ෆිල්ම් එක පුරාම තියනවා. මාලිනී, සමනලී සහ කුශේන්‍යා හරිම සනීපෙට, අපේ හදවතට ළඟ රිද්මයකින් මේ චරිත ඇතුලෙ play කරනවා.

විශේෂයෙන්ම කුශේන්‍යා කියන්නෙ මහා බරපතල රංගන රීතින් වලින් දූෂණය නොවුන හරිම නැවුම්, ටැලන්ටඩ් නවක නිළියක් කියලා තේරෙනවා. මේ දරුවව ගාණට මිම්මට පොලිෂ් කරලා ගත්තොත් ඉතිං සෑහෙන වටින දියමන්තියක් වෙන්න නියමිතයි කියලා නම් ෂුවර්.

Samanalee Fonseka තමන්ගේ චරිතය ගොඩ නගලා තියන විදිහ හරිම ලස්සනයි මිත්‍රයා. අදාළ චරිතයේ සංකීර්ණ තැන් හරියටම අල්ලගෙන, ඒ චරිතෙට හොඳටම සෙට් වෙන මූඩ් එකකින්, කිසිම කලබලයක් නැතුව, දඟලන්නෙ නැතුව නියම මාත්‍රාවට ඒ චරිතේ ගොඩනගලා තියනවා.

මේ ෆිල්ම් එකේදි ශාම් ප්‍රනාන්දුට හොඳටම ගැළපෙන චරිතයක් ලැබිලා තියනවා. උගත් මහාචාර්යවරයෙක්ගේ හැඟීම්, විනය, අභ්‍යාස, චරිත ලක්ෂණ, භාෂා හැසිරවීම වගේ ගොඩක් දේවල් ශාම් නම් විශිෂ්ටයාගේ ස්වභාවික ශාරීරික රිද්මයෙත් තියන නිසා එයා මේ චරිතේ නියමෙටම ප්ලේ කරනවා.

මේ ෆිල්ම් එකේ දෙබස් හරිම පෝෂණීයයි, පරිපූර්ණයි, අර්ථාන්විතයි, බරයි... ඒ වගේම අනිත් පැත්තෙන් හරිම සැහැල්ලුයි, රසයි සහ සරලයි.

“ඔයාට නැත්තෙ හස්බන්ඩ්. මට නැත්තෙ තාත්තා”

“P-H-D එකක් ගන්න තරම් ලේසි නෑ D-A-D කෙනෙක් වෙන්න”

ෆිල්ම් එක බලන්න කලින් මලකි දුවේ නුඹ කියන නම මට එච්චර සෙට් නෑ. ඒත් ෆිල්ම් එක බැලුවට පස්සෙ තමයි තේරුනේ මේ නම දාපු ලොජිකල් හේතුව මොකද්ද කියලා. ඇත්තටම මේ නමට ලස්සන හේතුවක් ෆිල්ම් එක ඇතුලෙ තියනවා.

මේ ෆිල්ම් එකේ ට්‍රේලස් සහ පෝස්ටර් මේ ෆිල්ම් එකට සාධාරණයක් කරන්නෙ නම් නෑ. ඇත්තටම ඒවා බර මදි! මොකද ෆාදර් සහ ධර්ම යුද්ධය කියන ගොඩ්සිලා වර්ගයේ බරපන්තියේ කැම්පේන් තියන ෆිල්ම් දෙකක් මැද්දෙ මේ අහිංසක සියුමැලි ‘මලකි දුවේ නුඹ’ තැලිලා ගියොත් ඒක පට්ට අපරාදයක් මිත්‍රයා. මොකද ට්‍රේලර් එකට සහ පෝස්ටර් එකට වඩා ෆිල්ම් එක විශිෂ්ටයි සහ ලස්සනයි කියලා ෆිල්ම් එක බලපු නිසා මම හොඳටම දන්නවා.

දැන් තියන අධික කාර්යබහුල සිනමා භීෂ‌ණේ ඇතුලෙ දිනන්න නම් ෆිල්ම් එක ඉතා හොඳ වෙන්නත් ඕනෙ, කැම්පේන් එක ඉතා හොඳ වෙන්නත් ඕනෙ. ෆිල්ම් එක අවුල් නම් ඉතිං මොන කැම්පේන් කළත් ගොඩ දාගන්න බෑ. ඒත් මලකි දුවේ නුඹ කියන්නෙ මම කලින් කියුවා වගේ රසම රස ‘ඇඹරැල්ලා ජූස්’ එකක් වගේ ෆිල්ම් එකක් මිත්‍රයා.

 

217650699 4757575867605043 4807348825720843340 n 1

 

සටහන - ලක්මිණ රණසිංහ

මාධ්‍ය හා නිර්මාණ විශ්ලේෂක

(creative group head publicis srilanka)

(මෙම සටහන Lakmina Ranasinghe ෆේස්බුක් පිටුව ඇසුරිනි.

kemadasa

Back to top
Go to bottom