lan englan tam

විශේෂාංග

2025 වසර රස කළ නළු - නිළි - ටෙලි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Lakmina Ranasinghe-

හැමෝම දැන් සිනමාවට හුරේ දානවා!! ඒත් ටෙලිනාට්‍ය කියන්නෙත් හුරේ පිට හුරේ දාන්න ඕන, මහා දැවැන්ත රසික කණ්ඩායමක් ඉන්න බොක්කට වදින කලා මාධ්‍යක් මිත්‍රයා. 2025 දි ආපු ලස්සන අමුතු නිර්මාණාත්මක ටෙලිනාට්‍ය අතරින් කිහිපයක් හරිම රහට මගේ බොක්කට වැදුනා.

මම දැන් මේ කියන්නෙ සම්මාන ලැබිය යුතු නිර්මාණ හෝ ශිල්පීන් ගැන නෙමෙයි!! මම මේ කියන්නෙ මගේ රසයට සාපේක්ෂව මම විඳපු දේවල් විතරයි. වෙන අයට වෙන වෙන අදහස් තියෙන්න පුළුවන්. ඒ හැම ගුණාත්මක අදහසකටම මම ගරු කරනවා.

2025 දී මම බලපු ගොඩක් ටෙලිනාට්‍ය අතරින් මම ආසාවෙන්ම බලපු, මට හොඳයි කියලා හිතුන ටෙලිනාට්‍ය 5ක් තමයි මේ.

ජහුටා (තවමත් තිරගතවන / දීර්ඝ)

සසංකාරා

වීදුරු තිර

රට පවුල

ඉරගිනි මද්දහන

මේ 5 ට අමතරව අමුතු දොස්තර, ද ලේක්, ඉර හැංගිලා කියන ටෙලිඩ්‍රාමත් තිබුනා.

 

'සසංකාරා' ටෙලි ඩ්‍රාමා එකේ සැලකිය යුතු ගුණාත්මක පැති ගොඩක් මට දැනුනා. සමස්ත ටෙලිනාට්‍ය ව්‍යාපෘතියේ නිර්මාණාත්මක පැත්ත හොඳටම බැලන්ස් කරගෙන, නිර්මාණාත්මක ගැටළු විසඳගෙන හෝ ඒ ගැටළු සාර්ථකව වහගෙන, අධ්‍යක්ෂණය කියන විෂය ඇතුලෙ සොඳුරු ආඥාදායකයාගේ භූමිකාව හොඳටම කරපු අධ්‍යක්ෂවරයා විදිහට සසංකාරා ඩ්‍රාමා එක කරපු ප්‍රියන්ත ප්‍රනාන්දුව (Priyantha Fernando) උඩින්ම තියන්න මට පුළුවන්.

 

 

ප්‍රායෝගික ප්‍රශ්නත් එක්ක ස්ක්‍රිප්ට් එකක් ලියනවා කියන අභියෝගයට 2025 දි ගොඩක් ස්ක්‍රිප්ට් රයිටස්ලා මුහුණ දුන්නා කියලා පේන්න තියනවා. ඒත් 'සසංකාරා' තිරපිටපත මේ අභියෝග බොහෝ දුරට ජයගත්ත යම් සාර්ථකත්වයක් පෙන්නන, නිර්මාණාත්මක අඩුපාඩු අඩු තිරපිටපතත් විදිහට මට දැනුනා.

ඊට අමතරව 'ඉරගිනි මද්දහන' ඩ්‍රාමා එකේ අධ්‍යක්ෂණයත් විශිෂ්ටයි. ඒත් කතාවේ බණ්ඩාරගෙ නංගිට වෙච්ච දේ, බණ්ඩාරගේ අම්මට වෙච්ච දේ සහ සමන්තගෙ මල්ලිට වෙච්ච දේ වගේ දේවල්වලින් ප්ලොට් එකටත්, තිර රචනයේ ගලායාමටත්, අධ්‍යක්ෂවරයාගේ භූමිකාවටත් යම් හානියක් වුනා කියලා තමයි මට හිතෙන්නෙ. ඒවා අමතක කළොත් ඉරගිනි මද්දහන කියන්නෙත් පට්ට වැඩක්!

 

499715831 709091921798073 7107870505361365064 n

 

සාම්ප්‍රදායික නොවන ගින්දර ප්ලොට්ස් කිහිපයක්ම තියන ටෙලිඩ්‍රාමත් 2025 දි මට රස විඳින්න ලැබුනා. ඒ අතරින් සමහර ප්ලොට්ස්, රිස්ක් එකක් අරගෙන බය නැතුව කරපු ඒවා කියලා පේනවා.

 

2025 හොඳම ප්ලොට්ස්

 

2025 දි නියම දක්ෂතා පෙන්නපු නළු නිළියො රොත්තක්ම ඉන්නවා. මෙතෙන්දි නළු නිළියන්ගේ පෞද්ගලික දක්ෂතාවට අමතරව, පිටපත් රචකයා සහ අධ්‍යක්ෂවරයා ගොඩනගලා තියන චරිතය මොනවගේද කියන එකත් මාරම වැදගත්.

2025 හොඳම නළුවො

  • 'සසංකාරා' - හේරත් හාමි - වසන්ත මොරගොඩ
  • 'රට පවුල' - දනුක - අකලංක ප්‍රභාෂ්වර Akalanka Prabashwara
  • 'ඉරගිනි මද්දහන' - බණ්ඩාර - ධනංජය සිරිවර්ධන Dananjaya Siriwardana
  • 'ඉර හැංගිලා' - මුදලාලි - ආනන්ද කුමාර උන්නැහෙ

 

2025 හොඳම නිළියො

  • 'සසංකාරා' - සිංගි අම්මා - චම්පා ශ්‍රියාණි
  • 'ඉරගිනි මද්දහන' - සමන්තා - තරින්දි ප්‍රනාන්දු Tharindi Fernando

 

2025 දි, සහය, අනු සහ කුඩා චරිත කරපු ගොඩක් දෙනෙක් තමන්ගෙ චරිතය ඉතා සාර්ථකව කරලා තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් කළා. ඒ අතරින් මට හොඳටම දැනුන කීප දෙනෙක් තමයි මේ.

2025 හොඳම සහය නිළියෝ

  • සසංකාරා - හංසමාලා ජානකී
  • සසංකාරා - උදයන්ති කුලතුංග
  • ඉර ගිනි මද්දහන - රූපා පතිරණ

 

2025 හොඳම සහය නළුවෝ

  • සසංකාරා - තිලාන් වර්ණජිත් Thilan Warnajith Wijesingha
  • සසංකාරා - උදේනි අල්විස්

 

2025 දි නවක නළු නිළියොත් එළියට බැහැලා දොඹෙන් වැඩ පෙන්නුවා. සමහරුන්ට තිබුන ඉතා කුඩා තිර කාලවලදී පවා ඒ අයගේ හැකියාව උපරිම ගැම්මෙන් පෙන්නුවා. ඉතිං මිත්‍රයා, ඒ අතරින් හොඳටම කළා කියලා මට දැනුන අයගේ නම් කිහිපයක් මම කියන්නම්.

2025 හොඳම නවක නිළියො

  • රට පවුල - සප්නා පාදුක්ක Sapna Padukka
  • ද ලේක් - දුමී වන්නිආරච්චි Dumee Wanniarachchi
  • ඉරගිනි මද්දහන - ලෝචනා ඉසුරින්දි Lochana Isurindi
  • සසංකාරා - අප්සරා ගුණතිලක Apsara Gunathilaka
  • ඇයි අපි සුදුද / පිරිමි ළමයි (දිර්ග) - සුජානි මධුවන්ති Sujani Madhuwanthi

 

2025 හොඳම නවක නළුවො

  • සසංකාරා - දුලාංජ ඩිල්ෂාන් Dulanja Dilshan
  • සසංකාරා - හසිත් එරන්ද Hasith Eranda
  • ද ලේක් - චානක බණ්ඩාර Chanaka Bandara

 

මීට අමතර සසංකාරා ටෙලිඩ්‍රාමා එකේ නළු නිළි වරණයත්, සමන්ත පෙරේරාගේ සංගීත අධ්‍යක්ෂණයත්, Niroshan Kodippili ගේ කැමරා අධ්‍යක්ෂණයත් වැඩේට සෙට් වෙන විදිහට නිර්මාණාත්මකව කරලා තිබ්බා කියලා මට හිතෙනවා.

 

මීට අමතරව 2025 ටෙලිනාට්‍ය වසර රසවත් කරන්න තමන්ගේ දක්ෂතාවලින් දායක වුන සුවිශේෂී පිරිසක් මගේ හිතේ හයිලයිට් වෙලා ඉන්නවා.

  • 'වීදුරු තිර' සහ 'ඉරගිනි මද්දහන' ටෙලිනාට්‍ය දෙකේ සාර්ථක චරිත නිරූපණයන් කරපු Chameera Liyanage
  • 'ඉර හැංගිලා' ටෙලිනාට්‍යයේ සාර්ථක රංගනයක් කරපු Kasuni Kavindi Fernando
  • 'ජහුටා' දීර්ග ටෙලිනාට්‍යය අති සාර්ථකව දෙබස් සහ තිර රචනය කරන Saddhamangala Sooriyabandara
  • 'පැබ්ලෝ', 'අමුතු දොස්තර' සහ විශේෂයෙන්ම 'ජහුටා' ටෙලි නාට්‍යයේ අති සාර්ථක චරිත නිරූපණය කරපු Sapath Chaamminda Jayaweera

මීට අමතරව 2025 දි 'ජහුටා' ඩ්‍රාමා එකේ අඛිල සහ දුශේනි එකිනෙකට වෙනස් ඉමෝෂන්ස් තියන චරිත පරිස්සමට සහ අති සාර්ථකව ගොඩනගලා තියනවා. ජහුටා ඩ්‍රාමා එකට Dinithi Walgamage ව පාවිච්චි කරලා තියන විදිහෙත් අලුත් ගතියක් තියනවා.

මේ විදිහට බැලුවම සසංකාරා සහ දීර්ග වර්ගයේ ටෙලිනාට්‍යයක්වන ජහුටා මගේ හිත ඇතුලේ හොඳටම ප්ලේ කරලා වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කළා.

ඔන්න ඕක තමයි 2025 ටෙලිනාට්‍ය වර්ෂය ගැන මගේ සංශිප්ත අදහස. ඒත් 2024 දි තරම් ගැම්මක් 2025 දි තිබුනෙ නෑ කියලා මට හිතෙනවා.

2024 දි 'තප්පරයක් දෙන්න', 'ටේක් කෙයා', 'සුසුම් රස්තියාදුව', 'මී මැස්සා', 'බැක්සයිඩ්', 'වියළි', 'පිරිමි ළමයි' සහ 'චණ්ඩි කුමාරිහාමි' කියන ටෙලි පොකුරට සාපේක්ෂව, 2025 දි ආපු සමස්ත ටෙලි ඩ්‍රාමාවල සමස්ත ගැම්ම මදි වගේ හැඟීමක් මට තියනවා.

 

217650699 4757575867605043 4807348825720843340 n 1සටහන - ලක්මිණ රණසිංහ

මාධ්‍ය හා නිර්මාණ විශ්ලේෂක

(creative group head publicis srilanka)

(මෙම සටහන Lakmina Ranasinghe ෆේස්බුක් පිටුව ඇසුරිනි.

2026-පෙබ-27 

kemadasa

Back to top
Go to bottom