-Lakmina Ranasinghe-
කාලයක් තිස්සෙ නළුවට ගැළපෙන චරිත හද හද හිටපු සිංහල සිනමාව දැන් චරිතයට හරියන නළුවව තෝරගන්න මට්ටමට පරිණත වෙමින් තියනවා මිත්‍රයා. ඒක සිංහල සිනමාවේ ජයග්‍රහණයක්.
බිමල් ජයකොඩි කියන්නෙ වතුර වගේ නළුවෙක් නිසා ඕනම ‘චරිත භාජනේකට’ බය නැතුව දාන්න පුළුවන්. එතකොට මේ නළුවා පටස්ගාලා ඒ භාජනයේ හැඩයට අනුව හැඩගැහෙනවා. ඊට පස්සෙ මල්ටිබැරල් එකකින් එල්ල කරන ප්‍රහාර වගේ මේ නළුවා අති ප්‍රබල රංගන ප්‍රහාර අති සාර්ථකව එල්ල කරනවා.
සමහර නළු නිළියෝ මොන චරිතෙ කළත් ඒ හැම චරිතයක් ඇතුළෙම අතපය විසිකරන්නෙ, දෙබස් විසිකරන්නෙ, කේන්තිය විසිකරන්නෙ, ආදරේ විසිකරන්නෙ, ඇවිදින්නෙ, හැරෙන්නෙ, බලන්නෙ එකම විදිහට. ඒ අයට මල්ටි බැරල් නෑ. තියෙන්නෙ එක බැරල් එකයි! හරි අවබෝධයක්, අත්දැකීමක් සහ උපතින් ගෙනාපු කෑල්ලක් නැතුව තමන්ගේ එක බැරල් එකේ තියන ඒකාකාරී ගතිය වෙනස් කරගන්න ගියොත් එතන කෘතිම ගතියක් අපිට පේනවා.
Bimal Jayakodi කියන මල්ටිබැරල් එකෙන් නිකුත් වෙන එකකට එකක් වෙනස් දැවැන්ත බර උණ්ඩ තුනක් මේ දවස්වල ක්‍රම තුනකට අපේ හදවත් පසාරුකරනවා මිත්‍රයා.
පැරණි පෙම්වතා, ම්ලේච්ඡ ප්‍රතිවීරයා සහ පවුල වෙනුවෙන් මොළයෙන් කැපවෙන තාත්තා කියන බිමල් කරන මේ චරිත තුන එකට තියලා විශ්ලේෂණය කරද්දි මගේ මනස සලිත ලලිත මවිත වෙන තරම් විශ්මයක් මට දැනුනා.
1- Abhisheka Wimalaweera ගායනා කරන ‘දහස් ගණනක් මුහුණු පසුකර’ සින්දුවට Chamil Pathirana අධ්‍යක්ෂණය කරපු විෂුවල් එකේ මේඝ
2- Chaminda Jayasuriyaගේ ෆාදර් ෆිල්ම් එකේ ධම්මික

3- Aruna Jayawardanaගේ 'ධර්මයුද්ධය 2 ෆිල්ම් එකේ හරිස්චන්ද්‍ර'
බිමල් කරන මේ චරිත තුනම එකට තියලා බැලුවොත් බිමල් කියන්නෙ තනිකරම රංගනය සම්බන්ධ විෂය නිර්දේශයක්. මේ චරිත තුන කරන්නෙ බිමල්ලා තුන්දෙනෙක් කියලා හිතෙන තරමටම රංගනයේ මල්ටිබැරල්මය වේරියේෂන් බිමල්ගේ රංගන අවි ගබඩාවේ තියනවා මිත්‍රයා. ඩෝං! ඩෝං!! ඩෝං!!!
මේ චරිත තුනේදිම ඒ චරිතවල තියන ඔතෙන්ටික් බව උපරිමේටම රැකගන්න බිමල්ට පුළුවන් වෙලා තියනවා. ඉතිං, බිමල්ට රංගනය කියන්නෙ හරියට ගින්දරවලට පෙට්‍රල් වගේ! පෙනහළුවලට ඔක්සිජන් වගේ!
‘දහස් ගණනක්’ සින්දුවේ විෂුවල් එකට Chamil Pathirana දීලා තියන ස්ලෝමෝෂන් ට්‍රීට්මන්ට් එක සහ ඒ අධ්‍යක්ෂණය ඇතුළෙ බිමල්ගෙ අළු පාට ආදරණීය මොකද්දෝ එක හරිම රහට අපිට දැනිලා තවත් මොකද්දෝ දෙයක් අපිට ඇතිවෙනවා. අන්න ඒ මොකද්දෝ දේ ප්‍රේක්ෂකයාට දනවන එක තමයි විශිෂ්ට රංගන ශිල්පියෙක්ගේ හැකියාව.
ෆාදර් ෆිල්ම් එකේ ධම්මික කියන ම්ලේච්ඡ පොලිස් නිලධාරියාගේ ගුප්ත රංගනය කරද්දි ඒ චරිතයට එකතු කරලා තියන පුංචි පුංචි ඩීටේල් හොඳට බලන්න. ඒ පොඩි පොඩි කෑලි ඇතුලෙ මේ ධම්මික කියන පොලිස් සතාගේ ස්වභාවය රීඩ් කරගන්න අපිට පට්ට අමාරු වෙන විදිහට ඒ චරිතේ අමුතුම ගුප්ත තැනක පොසිෂන් කරනවා.

ධම්මික ගේ ඉදිමිලා රතු වුන ඇස්, රුධිරය ගෑවුන අත්, හෘද සාක්ෂිය පවා පෙණහළුවලට ඇදිලා එන තරම් ජවයකින් උරන සිගරැට්, නීතියට ඉහළින් හමා යන සිගරැට් දුම්, මාංචු සහිතව උසාවියෙන් එළියට එද්දි තියන ම්ලේච්ච හිනාව, වධකාගාරයේදී පෙන්නන කාමුක සහ ත්‍රස්ථවාදී වෙහෙස, කුරිරු ඉවසීම, දෙබස් වෙනුවට මුහුණේ හැඟීම් වලින් ප්‍රේක්ෂකයාට මල්ටිබැරල්මය ප්‍රහාර එල්ල කිරීම වගේ අති විශිෂ්ට නිරූපණයන් ෆාදර් ෆිල්ම් එකේ බිමල් කරලා තියනවා. මේවා සියුම් විදිහට ඇනලයිස් කළොත් ඇඟ හිරිවැටෙනවා මිත්‍රයා. මෙතෙන්දි චමින්ද ජයසූරියගේ විශිෂ්ට අධ්‍යක්ෂණයත් බිමල්ගේ මල්ටිබැරල් ප්‍රහාරවලට ලොකු හේතුවක්.
ගොඩක් නළුවෝ සහ නිළියෝ තමන් රඟපානවා කියලා පෙන්නන්න ඕන නිසා කෑගහලා පු$ පොලේගහගෙන, වෘෂණ කෝෂ හපාගෙන, ඩිම්බ කෝෂ මිරිකගෙන කෘතිමව දඟලන හැටි අපි ඕනතරම් දැකලා තියනවා. ඒත් බිමල් එහෙම නෑ මිත්‍රයා.
ෆාදර් ෆිල්ම් එකේදි වධකාගාරයේ දර්ශන, ගිනිගොඩ අසල දර්ශන සහ ඤාණෙ එක්ක ඉන්න දර්ශනවලදී ඕනෙ නම් බිමල්ට පු# පොලේ ගහගෙන කෑගහලා දඟලලා උච්චස්වරයෙන් රඟන්න තිබ්බා. ඒත් බිමල් එහෙම කළේ නෑ.
ෆාදර් ෆිල්ම් එකේ කරපු රංගනයේදි ආංගික විනය, වාචික විනය සහ සාත්වික විනය බිමල් උපරිමයෙන් පෙන්නුවා. විශේෂයෙන්ම තමන්ගේ මුහුණේ බින්දුව (0) හෙවත් ‘ගුප්ත ශූන්‍යත්වය’!!! මොකා? ඔව්, ‘ගුප්ත ශූන්‍යත්වය’ පෙන්නන තැන්වලදී අති විශිෂ්ට විදිහට ඒ රංගනය කරනවා.
දශක තුනක විතර අතීතයට ගියොත් මේ ගුප්ත ශූන්‍යත්වය කියන රංගනය විශිෂ්ටව කරපු නළුවොන්ගේ ලිස්ට් එකේ ඉන්නෙ; රවින්ද්‍ර රන්දෙණිය (අක්ෂරය), ලින්ටන් සේමගේ (මීහරකා), මහේන්ද්‍ර පෙරේරා Mahendra Perera (මාරියා, මචං), Priyantha Sirikumara (නෙළුම් කුළුණ), ජෝ අබේවික්‍රම (පුරහඳ කළුවර), සරත් කොතලාවල (ද නිව්ස් පේපර්), Thumindu Dodantenna (සංඛාරා) සහ තවත් කීප දෙනෙක් විතරයි. බිමල් ජයකොඩි කියන්නෙත් මේ ලිස්ට් එකේ ඉන්න මල්ටි ටැලන්ටඩ් මල්ටිබැරල් නළුවෙක් කියලා බිමල් දැන් ඔප්පු කරලා ඉවරයි.
'ධර්මයුද්ධය 2' ෆිල්ම් එකේ හරිස්චන්ද්‍රගේ චරිතයට දැන් අපි යමු. රවිචන්ද්‍රන් (කන්නඩ), වෙන්කටේෂ් (තෙළිඟු), අජේ දේව්ගන් (හින්දි), ජැක්සන් ඇන්තනී (සිංහල)ට අමතරව, ආසියාවේ අති විශිෂ්ට නලුවන්ගේ ලැයිස්තුවේ ඉන්න මොහන්ලාල් (මලයාලම්) සහ ජාත්‍යන්තර ඔස්කා සම්මාන ජූරි සභිකයෙක් වීමේ දුර්ලභ ගෞරවයට හිමිකම් කියන කමල්හාසන් (දෙමළ) කියන අද්විතීය රංගන දැවැන්තයින් කරපු චරිත ආයෙත් ප්‍රතිනිර්මාණය කරනවා තරම් අමාරු, අභියෝගාත්මක සහ අවදානම් සහගත වැඩක් ආසියාවේ නළුවෙක්ට තවත් නෑ මිත්‍රයා. වැඩේ අවුල් වුනොත් දැන් ඉන්න ක්‍රියාකාරී සිනමා රසිකාගාරයෙන් හොදි නැතුව අහගන්න වෙන තත්වයක් තමයි තියෙන්නෙ.

ඒත්, Dharmayuddhaya 2 ෆිල්ම් එකේදි, බුර බුරා පිපිරෙන මහා ගිනි කන්දක් හිතේ තියාගෙන, අයිස් කන්දක් වගේ ඉන්න වගකීම්සහගත තාත්තා කෙනෙක්ගේ චරිතය බිමල් තමන්ගේ ක්‍රමේට, ඔව්! තමන්ගේ ක්‍රමේට උපරිමයෙන් කරනවා. කලින් මම නම් කියපු ඉන්දියානු නළුවන්ගේ සහ ජැක්සන් ඇන්තනීගේ ක්‍රම අනුකරණය කරන්න ගියානම් සමහරවිට බිමල් හොඳ නෑමක් නානවා. ඒත් බිමල්ට අනන්‍ය මල්ටිබැරල්මය හැකියාව නිසා නාගන්නෙ නැතුව හරිස්චන්ද්‍රත් එක්ක Bimal Jayakodi ගොඩ ගියා මිත්‍රයා.

සටහන - ලක්මිණ රණසිංහ
මාධ්‍ය හා නිර්මාණ විශ්ලේෂක
(creative group head publicis srilanka)
(මෙම සටහන Lakmina Ranasinghe ෆේස්බුක් පිටුව ඇසුරිනි.)



