වෝල්ට් ඩිස්නි සමාගම නිර්මාණය කරන චිත්රපටවලින් බහුතරයක්ම සමීප වන්නේ ළමා පරපුරටයි. ඒත්, ජනප්රිය නිළි කීරා නයිට්ලි (keira knightley)නම් වොල්ට් ඩිස්නි චිත්රපට තම දියණියට නැරඹීමට ඉඩ දී නැහැ.
නයිට්ලි පවසන්නේ ඩිස්නි චිත්රපටවලින් නිරූපණය කෙරෙන කාන්තා චරිත තුළින් ඔවුන්ගේ වටිනාකම් ඉස්මතු කරන්නට ඉඩදී නැති බවයි. ඒ නිසා ඩිස්නි චිත්රපට නැරඹීම තම තුන් හැවිරිදි දියණියට තහනම් කර ඇති බවයි. නයිට්ලි පවසන්නේ.
ඇය මෙවැනි ප්රකාශයක් කර ඇත්තේ ඩිස්නි චිත්රපටයක රඟපෑමෙන් පසුව වීමත් විශේෂයක්. ළඟදීම තිරගත වීමට නියමිත ද නට්ක්රැකර් ඇන්ඩ් ද ෆෝරෙල්ම්ස් නම් වූ අලුත්ම ඩිස්නි චිත්රපටයේ ප්රචාරක වැඩ සටහනකට එක්වෙමින් තමයි ඇය එලෙස ප්රකාශ කළේ.
"මගේ දුවට ස්නෝවයිට් ඇන්ඩ් ද සෙවන් ඩ්වෝෆ්’, "සින්ඩරෙල්ල" ,"ලිට්ල් මර්මේඩ්"වගේ චිත්රපට ගොඩක්ම බැලීම තහනම් කරලයි තියෙන්නෙ. ස්නෝවයිට් චිත්රපටයෙ කුමාරයා ඇවිත් නිදාගෙන ඉන්න ස්නෝවයිට් ව(හිම කුමාරිව) සිප ගන්නවා. කෙනෙක් නිදා ගෙන ඉන්න අතරෙ අනවසරයෙන් එහෙම සිප ගන්න බැහැ. මේ විදිහට කාන්තා චරිත වලට අගෞරව කරන රඟපෑම් මා දැකලා තියෙන නිසා මම,මගේ දුවට ඩිස්නි චිත්රපට බලන්න දෙන්නෙ නැහැ. කීරා නයිට්ලි ආන්දෝලනාත්මක අදහසක් එලෙස ප්රකාශ කළා.