උමාරියාසිංහවංශකියන්නේලංකාවේසංගීතකේෂත්රයතුළනොමැකෙනසටහනක්තැබුගීතකෝකිලාවියක්.
ඇය පිළිබව අප මීට පෙරද මිරර් ආර්ට්ස් වෙතින් විවිධ සටහන් ගෙන එනු ලැබුවා.
සුන්දර, සංවේදි මිනිසුන් සිටනවා යයි කියන කාල කෙෂ්ත්රය තුළ මතුපිටින් පෙනේන සුන්දරත්වයට වඩා එහි තියන කටුක යථාර්ථය උමාරියා සටහනක් තියලා තියනවා.
මේ උමාරියා ගේ සහටහනයි
'පුංචි කාලේ ඉදන් මගේ දෙමව්පියන් හැමදාමත් කියලා දුන්නේ විශේෂයෙන් ගැහැණු ළමයෙක් වුනාම, තමන්ට ආත්ම ගරැත්වය, ප්රතාපය, හැදියාව, අවංකත්වය, තමන්ගේ ඉලක්කය කරා තමන් තනිව වෙහෙසිලා, නිවැරදිව, කෙටි මාර්ග නොගෙන නිසි ආකාරයට වැඩ කිරීම අත්‍යවශ්‍ය බවයි. අපි කව්රැත් අපරිපූර්ණ, අඩුපාඩුකම් ඇති පුද්ගලයෝ.
මම මේ කෂෙත්රයට ඇවිල්ලා අවුරැදු 12ක් වෙනවා. ඒත් අද අපේ මේ ක්ෂේත්රයේ වෙන දේවල් අහලා මම ඇත්තටම කලකිරිලා ඉන්නේ. මාව වැඩියෙන් මගේ දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන් ආරක්ෂා කරාදෝ කියලා හිතෙනවා මේවා අහලා නුපුරැදු හින්දා! පවුල, මිත්‍රකම, ආදරය, විවාහය සහ ජීවිතය කියන මේ දේවල්වල අරැත හොදින් කියලා දීලා තියෙනවා. හැබැයි අද සමාජයේ ඕනම දෙයක් විකුණලා, තමනගේ ආත්ම ගරැත්වය පවා විකුණලා තාවකාලික ජීවිතයක් කරා ඕනම දෙයක් කරන්න ලෑස්තියි. ඇත්තටම හරි දුකයි. තවත් අම්මා කෙනෙක්ගෙ දුවෙක් පුතෙක්.
මම අද සංගීතය කරන්නෙත් ඔබ අතර ඉන්නෙත් මගේ කටහඩ ප්‍රදර්ශනය කිරීම සදහා පමණි...
තමන්ගේ ආත්ම ගරැත්වය විකුණලා ඒ තාවකාලික ජීවිතයෙන් ඉෂ්ට කරගන්න සිහින සංදර්ශනය කර අති සාර්තක පුද්ගලයෙක් යැයි සිතන සෑම කෙනෙක්ටම දෙවි පිහිටයි..'