අයිරාංගනී සේරසිංහ කලාකාරිනියව මේ රටේ පුංචිි දරුවෙක්ගෙ සිට සියළුම රූපවාහිනී සිනමා පේ්රක්ෂකයො අඳුනනවා. ඇය හැමෝගෙම ආදරය දිනා සිටින වටිනා මනුෂ්‍යයෙක්. අයිරාංගනී සේරසිංහ මේ රටේ පරිසරය වන සතුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඉතා උවමනාවෙන් වැඩ කළ ක්‍රියාකාරිණියක්. හෝර්ටන් තැන්න මෙන්ම මේ රටේ ජෛව විවිධත්ව කලාප ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඇය සටන් කළා. ඇය ගහට කොළට සතා සීපාවට බොහොම ආදරෙයි.
අයිරාංගනී සේරසිංහ කළාකාරිනිය පුංචි කාලෙ සිටම නිදහස් මනස් ඇත්තියක්. ඇයගේ තරුණ කාලයේ සිදුවූ සිදුවීමක් සම්බන්ධ අපූරු කතාවක් කිව්වා.
ඇය ඒ වනවිට නව යොවුන් තරුණියක්. වයස අවුරුදු 19ක් විතර. ඇගේ ඥාති පුතෙකු වැඩිහිටියන් සමග ඇයගේ නිවසට පැමිණ තිබෙනවා. ඔහු ඉතා කුඩා දරුවෙක් බවයි ඇය පැවසුවේ.
"මේ දරුවා හරි මහතයි.බරයි. මම මේ දරුවත් වඩාගෙන ගෙදර වත්තෙ පසෙකට වන්නට බැඳ සිටි අලියා සමීපයට රැුගෙන ගියා. මම අහල තිබුනා අලියෙක්ගෙ බඩ යටින් දරුවෙක් අරන් ගියොත් එයා භය නැතිකෙනෙක් වෙනවා කියලා. ඉතින් මම ඒ පොඩි දරුවව අරන් අලියගෙ බඩ යටින් රිංගුවා. මම හිතුවෙ එයාව වීරයෙක් කරන්න.මම මේක ගිහින් අම්මට ගිහින් කිව්වා. මේක අහපු අපේ අම්මා මට හොඳටම බැන්නා. බැරිවෙලා හරි අලියගෙ කකුලක් හරි වැදිලා එහාට මෙහාට වුනානම් මොකද වෙන්නෙ කියලා.අම්මා කිව්ව කාරනේ බරපතල කම මට පස්සෙ තේරුනා. ඇත්තටම අපි එයාලට ආදරේ කරනවනම් ඒක එයාලට දැනෙනවා.නපුරක් කරන්නෙ නැහැ."
ඇය තවමත් රංගනයේ යෙදෙයි. සතා සීපාවාට ආදරය කරයි. ගහට වැලට ආදරය කරයි. මහපොළවට ආදරය කරයි.මේ රටේ බොහෝ දෙනාද ස්වභාව ධර්මයද ඇයට ආදරය කරන බව ඇයගේ ජීවත් වීමෙන්ම පෙනේ. අපි මිරර් ආර්ට්ස් ඇයට නීරෝගීත්වය ප්‍රාර්ථනා කරන්නෙමු.