lan englan tam

O Oපේ

ඉන්දියාවේ ජාතික පුවත්වලටත් ගිය මුරලිගේ නැටුම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ ක්‍රිකට් පුරාවෘත්තයක් ලෙස හඳුන්වන මුත්තයියා මුරලිදරන් සහභාගි වන නැටුමක් සමාජ මාධ්‍යවල පළ වී තිබුණේ ලාංකිකකයන් මෙන්ම සැවොම වාගේ පුදුමයට පත් කරමිනි.

මෙය ඉන්දියාවේ ජාතික පුවත් වාර්තා අතරට ගෙන ඒමට සමත් වී තිබුණේ මුත්තයියා නමින් සඳහන් වෙමින් පළ වූ වීඩියෝවේ සැබෑවටම පෙනී සිටින්නේ ඉන්දීය නර්තන ශිල්පියකු වන කිරන් ජෝපේල්ගේ වීම හේතුවෙනි.
කිරන් යනු ඉන්දියාවේ ජනප්‍රිය නර්තන ශිල්පියෙකු වන අතර ඔහු ඉදිරිපත් කරන මෙම නර්තන අංගයේ මුහුණුවර පැහැදිලි අවකාශයක රූපගත කර නොමැත. ඒ හේතුවෙන් ඔහු බෙහෙවින් ලාංකික ක්‍රීඩක මුරලිගේ මුහුණුවරට සමානකම් දක්වයි.
එම නර්තනය මුරලි යැයි වටහාගෙන නරඹන බොහෝ දෙනෙකු බෙහෙවින් සතුටු වෙනවා මෙන්ම පුදුම වීමද ඉබේටම සිදු වන්නකි. එතරම් කිරන්ගේ පෙනුම වීඩියෝවේ මුරලිට සමානකම් දක්වයි. මේ පිළිබඳව ඉන්දියාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන වන 'හින්දුස්ථාන් ටයිම්ස්' වැනි මාධ්‍යවලද පළ වූයේ බොහෝ රසික ප්‍රජාවක් මෙම වීඩියෝවට රැවටී තිබීම හේතුවෙනි.

Back to top
Go to bottom

Popular News