මේ දින වල දරුවන්ට අතර පාචනය සහ බඩේ අමාරුව වැනි රෝග ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
අවුරුදු කාලය නිමාවීමත් සමඟ පාචනය සහ බඩේ අමාරුව සෑදුණු දරුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් රෝහල්ගත වන බවයි වෛද්‍යවරයා පැවැසුවේ.
නෑදෑ ගෙවල්, විනෝද ගමන් යාම හේතුවෙන් අතරමඟ දී නොයෙක් ආපනශාලාවලින් ආහාර ගැනීම, අපිරිසිදු ජලය පානය කිරීම යනාදී කරුණු නිසා මෙවැනි රෝගයන් ඇති වීමේ ඉඩක් පවතින බවත් දරුවන් ආරක්ෂා කර ගැනීම වැඩිහිටියන්ගේ යුතුකමක් බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.
වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වමනය, උණ, බඩඑළිය යාම වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් එය පාචනයේ රෝග ලක්ෂණ විය හැකි බවත් කිසියම් දරුවකුට එවැනි රෝග ලක්ෂණ පවතියි නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන ලෙසයි.
එවැනි රෝග ලක්ෂණ දරුවකුට පවතින්නේ නම් පලතුරු යුෂ, දෙහි, දොඩම්, බැඳි හාල් කැඳ, තැඹිලි වතුර, ජීවනී, පිරිසිදු ජලය වැඩිපුර ලබාදිය යුතු බව ද වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.