කදිර දිව්‍යරාජ (සිංහල සිනමාවේ තවත් එක් විහිලුවක් නැරඹුවෙමි)
කදිර දිව්‍යරාජ කියන්නෙ මම ගොඩක් බලාපොරොත්තු තියන් හිටිපු චිත්‍රපටියක්. විශේෂයෙන්ම ට්‍රේලර් එක දැක්කට පස්සෙ මම මේක බලනවාමයි කියල හිතාගෙනමයි හිටියෙ.. නමුත් බැලුවට පස්සෙ මට ඉතුරු උනේ ඇයි බැලුවෙ කියන කලකිරීම විතරයි.. ඒකට හේතු කිහිපයක් තමයි මේ.
පට්ට සවුත්තු තැනට නොගැලපෙන ඩයලොග් - (උදාහරණයක් විදිහට කාවන්තිස්ස රජතුමා එයාගෙ දේවියටම ඇයගෙ පැමිණීම ගැන පැහැදිලි කරනවා , හාමුදුරුවරු ඉතිහාස කතා කියනවා , දුටුගැමුණු රජතුමා පාර අයිනෙ නන්දිමිත්‍රගෙන් යුධ කරන්න උදව් ඉල්ලනවා) වැස්සකට හරි ලෝක සිනමාව අධ්‍යනය කලා නම් මනුස්සයෙක් තේරුම් ගන්නවා චිත්‍රපටයක හැම දෙයක්ම චරිත වලට අනවශ්‍ය ඩයලොග් දාලා පැහැදිළි කරවීම අනවශ්‍ය බව...
බුදුන්ගේ තෙවන ලංකාගමනය එක්ක උන්වහන්සේ මහසෙන් රජතුමාට බණ කිව්වා කියල කතන්දරයක් දාල තිබුනා. මම නම් ඔය කතන්දර නොදනී. මම දන්නෙ කැලණියට වැඩම කලා කියල විතරයි..
ලංකාවෙ බෞද්ධ සංස්කෘතිය හා හින්දු සංස්කෘතිය ලඟින් යනවා තමා.කතාවෙ කෙල්ලගෙ පවුලෙ ඔක්කොම බෞද්ධයො වෙලා ඒකි එකපාරම පිළිමයක් හදන් නටනවා.අනික ගමේ අනිත් කෙල්ලො පිළිමෙ ඉන්නෙ මොකාදවත් නොදැන මල් පූජ කරනවා.. පට්ටම අධිතාත්විකයි..(ඔන්න හදපු එවුන්ගෙ මොළේ තරම)
ඉතාමත් දුර්වල පරිගනක තාක්ෂණික මොනරු , කොටි , නයි... (හරියට වැඩේ කරන්න බැරි නම් ඒ වැඩකට නැති දර්ශන චිත්‍රපටයට නොදා ඉන්න තිබුනා)
තාරක අසුරයා දිව්‍යලෝකෙ ජය අරන් තනියෙම කියෝනවා..මෙන්ටල් අවුලක්ද මන්දා. (අපේ ඉස්කෝලෙ හිටපු තාරකත් මීට වඩා දරුණුවට කතා බහ කරනවා.මේ චරිතෙට තාරක දිව්‍ය පුත්‍රයා කිව්ව නම් ලස්සනයි)
බ්‍රහ්මගෙ විහිලුකාර වේශ නිරූපනය ගැන අපි කතා නොකර ඉමු..අවුරුදු ගානක් දිව්‍යලෝකෙ ඉන්න මල්සරා එහෙ අවුරුදු ගානක් හිටපු එවුන්ට තමන්ගෙ ඊතල ගැන පැහැදිළි කරනවා.යසයි.
*ශිවටයි පාර්වතීටයි කවදාවත් ස්x x කරල ලමයි ලැබුන්නැ. එහෙම ලමයි හදන්න එපා කියල වරමක් ගත්තෙ ඉන්ද්‍රමයි..(ශිව පාර්වතී එකතුවෙන් එන දරුවෙක් බලවත් වැඩි වෙයි කියලා) අවසානයේ ඔවුන්ට ළමයව ලැබුනෙ ධ්‍යාන බලෙන්.. ඒ කොටස හලල දාලා.. තවත් යසයි.. අනික එයා හය කොටසක් උනේ අසුරයො නිසා. ඒකත් හලලා දාලා.. තවත් යසයි.
ශිව තමන්ගෙ පුතාට කතා කරන්නෙ අහක බලාගෙන..
දසමහා යෝධයො ඉදලා දෙවින්ට ඉන්න කෙලින් කණු හිටවලා මඩු කෑල්ලක් ගහන්න දුටුගැමුණු රජතුමා අසමත්..
වල්ලි අන්තිමට දෙවි කෙනෙක් උනාද? එහෙම නැත්තම් සීයුස්ගෙ පෙම්වතියන්ට උනා වගේ වයසට ගිහින් මියගියාද? 😐
අවසාන වශයෙන් ලංකාවෙ බෞද්ධ සහ හින්දු ආගම් දෙකේම මිනිස්සුන්ව හෝල් අද්දන්න චිත්‍රපට හදලා ඒ සංස්කෘති දෙකටම අපහාස කලා වගේ හැඟීමක් තමයි දැනුනේ..
මේ කතාවෙ කිසිම ගත යුත්තක් නෑ.සිනමාත්මක වටිනාකමකුත් නෑ. හරිහමන් ප්ලොට් එකකුත් නෑ. ස්කෝලෙක ප්‍රොජෙක්ට් එකක් සිනමාහලක පෙන්නලා වගේ කියල තමයි හිතුනෙ..
තරිඳු ලක්ෂාන් - සිනමාවේදීන්