යුධකාමී මැරලින් මොන්රෝ
මැරලින් මොන්රෝ කියන්නෙ ඇමෙරිකා එක්සත් ජනපදයේ චරිතයක් නෙවි ඉතිහාසයක්. ඒ වගේම ඇමෙරිකානුවන්ගේ ආදරය. ඒක කොච්චර දිගු ද කියනවනම් ඒ කාලෙ එක්සත් ජනපද ජනාධිපති කෙනඩි හිටියෙත් ඇගේ තුරුල්ලෙ. මේ මැරලින් මොන්රෝ ගියා 1954 දකුණු කොරියාවට. ඒ 1950 ආරම්භ වෙච්ච උතුරු දකුණු කොරියන් යුද්ධයේදී දකුණු කොරියාව වෙනුවෙන් යුධ වැදුණු එක්සත් ජනපද සොල්දාදුවන් සතුටු කරන්න රංගනයෙන්, නර්තනයෙන් සහ ගායනයෙන්. ඒ යුද්දෙදි මිය ගියා එක්සත් ජනපද සොල්දාදුවන් හාරදහසක් පමණ.
මේ අපි දකින්නෙ ඒ වෙනකොටත් දකුණු කොරියාව තුල හිටපු එක් ලක්ෂ පනස්දාහක් පමණ සොල්දාදුවන්ගෙන් සමහරක් ඇය සමග ප්රීතිවෙන ආකාරය මේක විශේෂ සිද්ධියක් වෙන්නෙ මේ ආරාධනය ලබන කොට මැරලින් මොන්රෝ හිටියෙ සිය සැමියා Joe DiMaggio සමග ජපානයේ මධු සමය ගතකරමින්. නමුත් ඇය තම සැමියාව ජපානයේ දාල තනිවම ආව කොරියාවට සිය මවුබිමේ මිනිසුන් වෙනුවෙන් මැරලින් මොන්රෝගේ විවාහය ඉරිතලන්න පටන්ගත්තෙ අන්න එදා.
සටහන : උපාලි ජයසිංහ
https://mirrorarts.lk/life/notes/5570-monroe-190728#sigProIda230872988