lan englan tam

පුවත්

Trending 1 වූ දිනුලිගේ ‘ට්‍රිප් එක පාන්දරින්’!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අලුත් ළමා ගීතයක් මේ දවස් වල ලංකාවේ ජනප්‍රියම ගීතය බවට පත් වෙලා කිව්වොත් වරදක් නෑ.

මේ ගිතය තමයි දිනුලි දම්සාදි කියන පුංචි ගායිකාව ගායනා කරන ‘යං යං පාන්දරින් ට්‍රිප් එක පාන්දරින්’ කියන ගීතය. 
 
ab67616d00001e0287e101c60fa5359480ce3829
 
අද දවස වෙනකොට, ඒ කියන්නේ මාර්තු එකොළොස් වැනිදා වෙනකොට මේ ගීතය You Tube හරහා විතරක් මිලියන හතරකට වැඩිය නැරඹුම් වාර ප්‍රමාණයක් ලබා ගන්න සමත් වෙලා තියනවා.
 
මේ ගීතය රචනා කරලා තියෙන්නේ ලසිත් ජයනෙත්ති. සංගීතය නිර්මාණය ඩිල්ෂාන් එල් සිල්වා. ගීතයේ රූප රචනය නිර්මාණය කිරීමේදී එහි සංකල්පය හා අධ්‍යක්ෂණය චාරුක දුශ්‍යන්ත.මේක Thaala Entertainment නිෂ්පාදනයක්. 
 
480221929 1591121188206022 991440677741185818 n
 
මේ ගීතය ගායනා කරන පුංචි ගායිකාව දිනුලි ගැනත් යමක් කිව්වොත් ඇය ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලබන හය ශ්‍රේණියේ දැරියක්.දෙරණ little Star තරගය හරහා තමයි ඇයට මුලින්ම ගායන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ගමන් මග නිර්මාණය වෙලා තියෙන්නේ.
ඉතින් Mirror Arts අපි දිනුලිට අපේ සුභ පැතුම් එක් කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.
 

Back to top
Go to bottom