ළගදිම තිරගත වීමට නියමිත රන්ජන් රාමනායකගේ අලුත්ම සිනමා නිර්මාණය “O.I.C. ගඩාෆි” ඉන්දියාවේදී නවතම DOlBY ATMOS ශබ්ද තාක්ෂණයෙන් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා.
මේ බව සදහන් කරමින් රන්ජන් රාමනායක විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් සහ ඡායාරූප කිහිපයක් ද එක් කර තිබුණා.





ඉතින්, නුදුරේදීම “O.I.C. ගඩාෆි” ඉහළ ගුණාත්මක සිනමා නිර්මාණයක් ලෙස ලාංකික සිනමා ප්‍රේක්ෂකාගාරයට තිළිණ වන්නට නියමිතයි.
රන්ජන් රාමනායක ප්‍රධාන චරිතයෙන් රංගනයට එක්වන “O.I.C. ගඩාෆි” චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ තිර රචනයද රන්ජන් රාමනායක විසිනි.
මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, වසන්ත මොරගොඩ, ධර්මප්‍රිය ඩයස්, ජයනි සේනානායක, කුමාර තිරිමාදුර, මහින්ද පතිරගේ, ජයනි සේනානායක, ගිහාන් ප්‍රනාන්දු, සමන් හේමරත්න, පියුමි බොතේජු, දිලුක්ෂි වීරපෙරුම... වැනි ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.
මෙය රන්ජන් රාමනායකගේ පස්වන සිනමා අධ්‍යක්ෂණය වන අතර මීට පෙර වන්ශොට්, ලීඩර්, ඩොක්ටර් නවරියන්, පාර්ලිමන්ට් ජෝක්ස් ඇතුළු Box Office සිනමාපට රැසක් ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්නා පහළින්>>>



