ලංකාවේ උතුරු- නැගෙනහිර යුධ ඉතිහාසයේ එක් තීරණාත්මක සටනක් වූ ‘කොකාවිල් සටන’ සහ එහිදී දිවි පිදූ කපිතාන් සාලිය අලදෙනිය ඇතුළු සෙසු නිල 54 දෙනාගේ සත්‍ය, අනුවේදනීය කතා පුවත ඇසුරින් නිර්මාණය වන,
'පරම වීර පූජා' චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමට මුහුරත් උළෙල ඊයේ (07) දිනයේ පැවැත්වුණා.
'පරම වීර පුජා' චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මීට පෙර 'හිතුමතේ ජීවිතේ' 'මැන්ඩලීන්’ (තිරගත වීමට නියමිත) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ගෲප් කපිතාන් ක්‍රිෂාන්ත මනම්පේරි විසින් වන අතර, මෙහි තිර පිටපත කර්නල් චන්න කරුණාරත්න සහ අනුර ජසෙන්තුලියන විසින් රචිතයි.
ප්‍රධාන රංගන ශිල්පින් සහ ශිල්පිණියක් 35කට වැඩි ප්‍රමාණයක් මීට දායක වන අතර , චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන කපිතාන් සාලිය අලදෙනියගේ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය නළු මේඝ සූරියආරච්චි විසින්.
මීට අමතරව ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරන, රොශාන් රවීන්ද්‍ර, බුද්ධික ජයරත්න, පූජන දන්දෙනිය, දිනෙත් ද සිල්වා, අංජන ප්‍රේමරත්න, චානුක ප්‍රබුද්ධ, අමා විජේසේකර, දිනෙශරා පුන්චිහේවා, සුරාජ් මාපා වැනි ප්‍රවීණ සහ ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක්වෙනවා.
අතිවිශාල නිෂ්පාදන පිරිවැයක් දරමින් චිත්රපටය LITE Cinema සමාගමෙහි සභාපති අනුර ජසෙන්තු ලියන විසින් චිත්‍රපටය නිෂ්පාදනය කරනවා.
'පරම වීර පූජා' චිත්‍රපටයේ රූගත කිරීම් ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතයි.
තොරතුරු - මලින්ත විතානගේ, සමරතුංග කරුණාරත්න
මතු දැක්වෙන්නේ ඊයේ (07) පැවැති චිත්‍රපටයේ මුහුරත් උළෙලේ විශේෂ අවස්ථා කිහිපයක්.
ඡායාරූප මත click කිරීමෙන් විශාල කොට නැරඹිය හැක.
https://mirrorarts.lk/news/11905-2025-11-08-03-53-03#sigProIdf61939284e



