හොලිවුඩයේ සිදුවන නවතම හා ප්‍රධාන වෙනසක් සටහන් කරමින් 2029 වසරේ සිට ඔස්කාර් සම්මාන උළෙල(Oscar) ‘YouTube’ හරහා පමණක් විකාශනය කිරීමට තීරණය කර ඇති බව සදහන් වෙනවා.
චිත්‍රපට කලා සහ විද්‍යා ඇකඩමිය (The Academy of Motion Picture Arts and Sciences) බදාදා ප්‍රකාශ කළේ, 2033 වසර දක්වා ඔස්කාර් සම්මාන උළෙලේ ගෝලීය විකාශන අයිතිය YouTube වෙත ලබා දෙමින් බහු-වාර්ෂික ගිවිසුමකට අත්සන් තැබූ බවයි.
98 වන ඔස්කාර් සම්මාන උළෙල ලබන වසරේ මාර්තු 15 වනදා ආරම්භ වීමට නියමිත අතර, අඩ සියවසකට වැඩි කාලයක් පුරා සම්මාන උළෙල ඇමරිකානු ABC නාලිකාව ඔස්සේ විකාශනය විය.
කෙසේ වෙතත් 2029 වර්ෂයේ සිට මෙම උළෙල YouTube හරහා සජීවීව සහ නොමිලේ නැරඹීමට අවස්ථාව හිමිවෙනවා.
මූලාශ්‍රය - bbc



