lan englan tam

පුවත්

නලින් රාජපක්ෂගේ අභියෝගාත්මක සිනමා නිර්මාණය "සයනයිඩ් "(දෙසැ.26) වනදා සිට රිදී තිරයට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

“අඟර දඟර”, “රේන්බෝ” වැනි ප්‍රේක්ෂක ආදරය දිනූ චිත්‍රපට නිර්මාණය කළ නලින් රාජපක්ෂගේ තුන්වන සිනමා නිර්මාණය “සයනයිඩ්” එළඹෙන දෙසැම්බර් 26 වනදා සිට දිවයින පුරා සිනමා ශලාවලදී තිරගත වීම් ආරම්භ වෙනවා.

ත්‍රස්තවාදයෙන් මිය නොගිය මනුශ්‍යත්වය තේමා කරගනිමින් නිර්මාණය වූ මෙම අභියෝගාත්මක සිනමා නිර්මාණය, 

මෙරට උතුරු නැගෙනහිර ප්‍රධාන ඇමතිව සිටි හා ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායකත්වය හෙඹවූ වරදරාජා පෙරුමාල් 2008 වර්ෂයේදී ඉන්දියාවේදී ඝාතනය කිරීම සදහා කරන ලද කුමන්ත්‍රණයක ඔබ නොඇසූ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වී තිබෙනවා.

 

597861920 2909578239245946 6253187861371832160 n

 

ඉන්දියාවේදී රූගත කළ “සයනයිඩ්” චිත්‍රපටය නිර්මාණය වන්නේ ලාංකීය මෙන්ම ඉන්දීය නළු නිළියන් හා නිෂ්පාදන ශිල්පීන් රැසකගේ දායකත්යෙන්.

චිත්‍රපටයට රංගනයෙන් - රනීෂ් හේවගේ, රාජා ගනේෂන්, ජගත් ගලප්පත්ති, ගීතා කාන්ති ජයකොඩි, නිෂුලි නෙලිත්මා, ක්‍රිස්ටිනා බිටෝ, සඳුන් බණ්ඩාර, ඇලෙක්සි ප්‍රනාන්දු, අසංක දේවමිත්‍ර, රාජා බාලසූරිය, දුමිඳු කන්නන්ගර... ඇතුළු රංගන ශිල්පීන් රැසක් එක්වෙනවා.

චිත්‍රපටයේ තිර රචනය ද නලින් රාජපක්ෂ විසින් වන අතර මෙය මූන් ලයිට් ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක්.

 

ඉතින්, දෙසැම්බර් 26 වනදා සිට MPI සිනමා ප්‍රදර්ශන මණ්ඩලය ඇතුලු දිවයින පුරා සිනමා ශාලාවන් හී දී මෙම අභියෝගාත්මක සිනමා නිර්මාණය නරඹන්නට ප්‍රේක්ෂක ඔබට එක්විය හැකියි.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>

 

 

 

 

 

kemadasa

Back to top
Go to bottom