රූපවාහිනී ක්ෂේත්‍රයේ නිරත වී සිටින නිර්මාණකරුවන් ඇගැයෙන රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙල මෙවර,
2025 දෙසැම්බර් 22,23 යන දින දෙකේදීම කොළඹ, ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මේ පිළිබඳව දැනුවත් කරමින් පසුගියදා විශේෂ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත් වූ අතර එහිදී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ K.S දිල්හානි ප්‍රකාශකොට සිටියේ,
එළඹෙන දෙසැම්බර් 22 දා සවස 3.00 ට (2021, 2022, 2023,2024 යන වසර වලට අදාලව) රාජ්‍ය රූපවාහිනී සම්මාන ප්‍රධානය කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී සිදුවන බවද,
දෙසැම්බර් 23 දා සවස 4.00 ට 2025 වසරට අදාළව රාජ්‍ය රූපවාහිනී සම්මාන ප්‍රධානය කොළඹ කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ K.S දිල්හානි ප්‍රකාශ කොට සිටියේ මීට පෙර මෙම රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙල 2 ම උත්සවාකාරයෙන් පැවැත්වීමට තීරණය කර තිබුණ ද රටේ ඇතිවූ අයහපත් කළගුණ තත්වය නිසා එය අත්හිටුවිමට සිදුවූ බවද, පසුව සම්මාන ප්‍රධානයක් ලෙස එය පැවැත්වීමට තිරණය කළ බවයි.
එමෙන්ම 2021, 2022, 2023, 2024 යන වසර වල විවිධ හේතූන් නිසා රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙල පැවැත්වී නැති බව ද, එම වසර වලට අදාළ සම්මාන ප්‍රධානයන් ද මෙවර සිදු කරන බවයි.
මෙම මාධ්‍ය සකච්ඡාවට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ K.S දිල්හානි ඇතුළුව ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ රාජ්‍ය රූපවාහිනී අනුමණ්ඩලයේ සභාපති සුනිල් කොස්තා යන අයද සහභාගී විය.
රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙල බුද්ධසාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යංශය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය රූපවාහිනී අනුමණ්ඩලය එක්ව සංවිධානය කරනවා.





